පුෂ්පකුමාර මල්ලවආරච්චි
අත්තනගල්ල කරස්නාගල සපත්තු පාලම අසල දිය නාමින් සිටි බව කියන පුද්ගලයකු අද (25) සැඩ පහරට ගොදුරුව දියේ ගිලී අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ අලවල කරස්නාගල මුරුතලාවත්ත පදිංචිකරුවකු වන ගස්පේ පතිරැන්නැහැලාගේ චමින්ද (31) යන අය වේ.
සපත්තු පාලම අසල දිය නාමින් සිටියදී අතුරුදන්වී ඇති මෙම අයගේ සිරුර සොයා ගැනීමට පොලිසිය ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

COMMENTS
මේ වැස්සේ ඇලදොළ වල තියෙන මඬ වතුර නාන්නේ මොකටද? වටපිටාවේ තියෙන කුණු දහජරාව ඔක්කොම සේදිලා එන වතුර තමයි මේ මිනිස්සු නාන්නේ. ලිඳෙන් හරි බාත්රූම් එකෙන් හරි නdගතත්නම් මේ ජීවිතේ බේරෙනවනේ. අනික ඇලෙන් නන්නම ඕනනම් ඇල අයිනට ගිහිල්ල බල්දියකින් නන්නත් පුළුවන්.