IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොහොට්ටුවයි අතයි ගහයි පූජාපිටියේදී එක්වෙයි

මොහොමඩ් ආසික්
 
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතා සහ උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ ඒ.එල්.එම් රසාන් මහතා අද   මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඡන්ද විමසීමේ දී   තේරී පත් වූහ.

 
පසුගිය පෙබරවාරි මස   10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ කිසිදු පක්ෂයක් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩකට වඩා ප්‍රමාණයක් ලබා නොගත් බැවින් සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගනීම සඳහා ඡන්ද විමසීම     සිදු විය.
 
මෙහිදී නව සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතාගේ නමත්    එක්සත් ජාතික පක්ෂයේ සුරංජිත් කුමාර වික්‍රමසූරිය මහතාගේ නමත් යෝජනා විය.    ඒ අනුව පැවැති විවෘත ඡන්දයෙන්   අනුර ප්‍රනාන්දු මහතා ඡන්ද 17 ක් ලබා ගත් අතර  සුරංජිත් කුමාර වික්‍රමසූරිය මහතා ඡන්ද අටක් ලබා ගත්තේය.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු මහතාට  පොදු ජන පෙරමුණට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්  සිව් දෙනාද , ශ්‍රී ලංකා මුස්ලිස් කෝන්ග්‍රසයේ මන්ත්‍රිවරයාද ඡන්දය දුන්හ.  ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දිල්ෂාන් රූපසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.   
 
උප සභාපතිවරයා  ලෙස  ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ     ඒ.එල් එම් රසාන් මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනා කළ අතර  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුරංජිත් කුමාර විකුමසූරිය මහතා නැගී සිට තම පක්ෂයට සභාවෙන් ඉවත්ව යාමට අවසර දෙන ලෙස ඉල්ලීය. එය තමන්ගේ කැමැත්ත බව පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ප්‍රකාශ කිරිමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් අට දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව් දෙනා උප සභාපතිවරයාට විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ.

ඉන් පසුව සභාවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනා ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ මන්ත්‍රිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා  සමඟ මන්ත්‍රීවරු 14 දෙනෙක ඉතිරි වූහ.  මෙම ප්‍රමාණය ඝණ පූරණයට ප්‍රමාණවත් බව  කොමසාරිස් වරයා ප්‍රකාශ කිරිමත් සමඟ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනු ලබීය. ඒ අනුව සම්පත් ධර්මප්‍රිය මහතා විසින් යෝජනා කරනු ලැබූ  ඒ.එල්.එම්. රසාන් මහතාගේ නම අජිත් සමරතුංග මහතා විසින් ස්ථීර කිරීමෙන් සම්මත වූ අතර වෙනත් යෝජනාවක් නොවූයෙන් ඒකමතිව සම්මත විය. 



අදහස් (0)

පොහොට්ටුවයි අතයි ගහයි පූජාපිටියේදී එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site