IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පනහකට හෙට මැතිසබයේදී පිළිතුරු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව  ප්‍රමාද වූ ප්‍රශ්න 50 කට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට  අද(4) සඳුදා  මැතිසබයේදී  උදාවනු ඇත.

බොහෝ දෙනකුගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන  මන්ත්‍රීවරුන්ගේ  ප්‍රශ්න සඳහා වෙනම දිනයක් මෙලෙස වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

මේ අනුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා  පාර්ලිමේන්තුවේ අද(4) දින පෙරවරු 10.00 සිට පස්වරු 03:30 දක්වා සම්පූර්ණ කාලය  වෙන් කෙරෙනු ඇත.

මේ අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ 2270/59 සහ 2280/32 අංක දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග, රේගු ආඥා පන‍ත ය‍ටතේ  ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය සහ 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා සම්මතය අනිද්දා (5) දින විවාද  කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

තවද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක්ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2282/21 සහ 2282/22 යන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසිද එදින විවාද කිරීමෙන් පසුව  සම්මත කර කරගැනීමට නියමිතය.

අනතුරුව සභාව කල් තබන  අවස්ථාවේ ප්‍රශ්න සඳහා  ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා  කාලය වෙන්කර  ඇත. ආණ්ඩු පාර්ශ්වය ඉදිරිපත් කර ඇති  යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 4.50 සිට 5.30  පැවැත්වීමට තීරණය කර ඇතැයි  මහලේකම් කාර්යාලය පවසයි.



අදහස් (1)

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පනහකට හෙට මැතිසබයේදී පිළිතුරු

sharm warn Monday, 04 July 2022 10:48 AM

ඇයි දැන් අහන්නේ? මෙච්චරකල් මේ ප්‍රශ්න ඇහුවේ ඒ ප්‍රශ්නෙ විසඳන්න ඕනෙ වෙලාවේ... දැන් ප්‍රශ්නෙ වෙනස්වෙලා ලොකු ප්‍රශ්නයක කොටස් බවට පත්වෙලා තියෙද්දී මොනවද බොරුවට ඒවට කාලෙ වැයකරන්නේ..? කාවද මේ තවත් රවට්ටන්නේ..? අනිත් එක මොවුන්ට පාර්ලිමේන්තු එන්න ඉන්ධන ගැහුවේ මොන පෝලිමේ ඉඳලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27553 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18179 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 849 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site