(රන්ජන් කටුගම්පොළ)
හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා මේ බව දැනුම් දුන්නේ හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා තම ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදීය.මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
මෙම පෙත්සම සළකා බැලු අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ බුද්ධි අංශ වාර්තාවෙන් ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇති බවත් නීතිපතිවරයා ශානි අබේසේකර මහතා ආරක්ෂාව වැඩි කිරීමට එකඟ වී ඇති බවත්ය.
හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ.ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් භටයන් සපයා නොමැති බවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ යතුරු පැදියක් පමණක් ලබා දී ඇති බවත්ය.
මේ පිළිබඳ සුදුසු පියවර ගැනීමට පෙත්සම දෙසැම්බර් 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’ශානි මරා දැමීමේ කුමන්ත්‍රණයක්’’
චන්දන Monday, 04 December 2023 09:15 PM
එහෙමනම් මේක කරන අයගේ නම් ගම් දන්නවත් ඇති... නීතිමය පියවර ගන්නේ නැත්තේ ඇයි? මිනී මැරීමට සැලසුම් කිරීම වරදක් නෙවෙයිද?
Perera Monday, 04 December 2023 11:08 PM
වැඩබලන කෙනා මේ වැඩේත් බලාගනීවි වගේ...
Prabha Monday, 04 December 2023 11:30 PM
කුමන්ත්‍රණයක් තියෙනවා නම් නම්ගම් එක්කම උසාවියට කිව්වා නම් නේද හොඳ..?
Demuni de Silva Tuesday, 05 December 2023 02:09 PM
ශානි මාතෘ භූමියට සම්පතකි. නමුත් දූෂිතය
Bamunuarachchi Wednesday, 06 December 2023 05:11 PM
ඇයි ගෙදර වලන් හෝදගන්න තිබෙනවද?