IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


‘‘සැබෑ රණවිරු සැමරුව ඔවුන් වෙනුවෙන් කැපවීමයි‘‘

(නිමල කොඩිතුවක්කු)

සැබෑ රණවිරු සැමරුමක් යනු රට දැය වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

30 වසරක කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරමින් රටට අතිශය වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර දුන් වීරෝධාර රණවිරුවන්ට නැවත වරක් උත්තමාචාරය පුද කරන බවත් රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සුරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රණවිරු දිනය නිමිත්තෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

රටේ සවෛරීත්වය භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට 28000කට වැඩි ජීවිත පරිත්‍යාගයෙන් සහ 60000කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇස් හිස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කළ බවත් විපක්ෂනායකවරයා පැවසීය.

සොච්චම් විශ්‍රාම වැටුපට සීමා වී අධික ජීවන බර තුළ අසරණ වී ඇති ඔවුන් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම ව්‍යවසායකයන් බවට පත් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ජීවිත පරිත්‍යාග කළ රණවිරු පවුල් මෙන්ම ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයන් රැක ගැනීමට කැපකරු මාපිය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණවිරු උපහාර දේශපාලන පක්ෂවලට ලකුණු ලබා ගැනීම සදහා භාවිත නොකළ යුතු බවත් සැබවින්ම අවංකවම හදවතට එකගව රණවිරුවන් සැමරිය යුත්තේ ඒ අයගේ ජන ජීවිත ආරක්ෂා කර පවුල් සුරක්ෂිත කර දරුවන්ගේ අනාගතයත් වර්තමානයත් සුරක්ෂිත කිරීමෙන් බවත් ඔහු සඟන් කළේය.

 



අදහස් (0)

‘‘සැබෑ රණවිරු සැමරුව ඔවුන් වෙනුවෙන් කැපවීමයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 293 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site