IMG-LOGO

‘‘විභාග ප්‍රතිඵලවලින් අධ්‍යාපනය මනින ක්‍රමය වෙනස් විය යුතුයි‘‘

(යොහාන් භාසුර සහ ලයනල් සොයිසා)

අධ්‍යාපනය ගැන මෙරට ජනතාව ඉතාම පටු විදිහට බලන බවත් විභාග ප්‍රතිඵල වලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි මෙන්ම එම ක්‍රමය වෙනස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් "පංකජ සිසු සමුළුව 2025" අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

"විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තුළින් දක්ෂතා සහිත දරුවන්ට තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි කැපවෙනවා.

සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා.

තමන්ගේ කාර්යය සහ අවශ්‍යතාවය පමණක් ඉටු කරලා පැත්තකට වෙන දරුවන් නෙවෙයි පොදු සමාජය ගැනම හිතල වැඩ කරන දරුවන් බිහි කිරීමයි වැදගත් වෙන්නේ.

අද මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය දැකල මම ඇත්තටම ගොඩක් සතුටුු වුණා. අපේ රටේ අනාගත නායකත්වය භාරගන්න ඉතාම දක්ෂ දරු පිරිසක් ඉන්නවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. නිර්මාණශීලීත්වය වගේම මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඔබේ දක්ෂතා දැකලා මම තවත් ධෛර්යමත් වුණා. ඔබ තමයි අපිට වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපි සියලු දෙනාම එකතුවෙලා සංවේදී , හොඳ ආකල්ප සහිත සමාජයක් බිහි කරන්න කැපවෙමු." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.



අදහස් (2)

‘‘විභාග ප්‍රතිඵලවලින් අධ්‍යාපනය මනින ක්‍රමය වෙනස් විය යුතුයි‘‘

No jealouse Monday, 14 July 2025 12:18 AM

විභාග පාස් උනා වගේ නෙවෙයි , තරුණයින්ට රැකියා එන වැඩපිළිවෙලක් ඕනේ. වියදම් කරලා උස්මහත් කරලා , පිටරට යවන එකම හරියන්නේ නැහැ. බදු ආදායම් අරගෙන, විදුලි බිල, ජීවන වියදම අඩු කරා නම්. ලංකාවට ආයෝජන ගෙනෙන්න පුළුවන් , නැතිනම් ආයෝජන එන්න තියෙන අවස්ථා අඩුයි. අපිට කොහොමත් අවුරුදු 5 ක වත් පටි තදකරගත්තු කාලයක් ගත අකරන්න වෙනවා මයි. දේශපාලකයින් පාර්ලිමේන්තුවේ ,ගැලරියේ මොනවා කීවත්, හැම පක්ෂයක්ම එකම එකඟතාවකට එන්නේ නැතිව මේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. එහෙම නොකලොත් , රට කාටත් නැතිවෙයි.

:       0       0

ගුණරත්න Monday, 14 July 2025 08:51 AM

දැනට තියෙන පාලන ක්‍රම අතරින් ප්‍රජාතනත්‍රවාදය කියන්නේ නරක අඩුම එක මිසක් හොඳම එක නෙවේ. මම එහෙම කිව්වේ විභාගයක ලකුණු කියන්නෙත් ඒ වගේම දෙයක් නිසා. ලකුණු වලින් තමා දක්ෂයෝ හොයාගන්නේ. එහෙම නැතිව හැමෝම සමාන කියල අඩු ලකුණු තියෙන උනුත් ගත්තාම සමූහයක් විදියට ප්‍රතිඵල වලින් පහල වැටෙනවා. ඇමරිකාවේ ඕක වුනා. සාධාරණ වෙන්න කියල අඩු ලකුණු තියෙන උන් බඳවාගෙන ඉගැන්නුවත් විශ්වවිද්‍යාලයේ විභාග ෆේල් වුනා, අන්තිමේ මූලික මට්ටමේ දැනුමක් වත් නැති උන් ටිකක් ඉන්නවා කියල වගකිවයුත්තන්ට තේරුනාම දැන් ඔවුන් වහාම ඒවා වෙනස් කරමින් යනවා.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 16 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 997 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

Our Group Site