මීරිගම කණ්ඩලම වලව්වේ සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්ට බාර දුන් ඇත් පැටවා නැවත ගැනීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හෝ නියෝජිතයකු පැමිණි විට විරෝධතාවකින් තොරව ඇත් පැටවා බාර දෙන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය සුමංගල හිමියන්ට අද නියෝග කළාය.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අවසන් වන තෙක් ඇත් පැටවා උඩවලව ඇත් අතුරු වෙනේ රඳවා තබා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ද විනිසුරුවරිය නියෝග කළාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘කලබල නැතිව ඇත් පැටවා බාර දෙන්න‘
කමනී Saturday, 19 July 2014 04:09 AM
හාමුදුරුවන්ගේ භාරයේ හිටියම මොකද වෙන්නේ ? (නදී)
පෙරේරා Friday, 18 July 2014 02:40 PM
සත්ව හිංසාවෙන් මිදෙන්න. එම අලි පැටවා එහා මෙහා ගෙනයාමෙනුත් හිංසාවට ලක්වෙනවා නේද? (නි)
තරිඳු Saturday, 19 July 2014 04:56 AM
ඔය අලි පැටිය හිටියේ හෙල්ලෙන්න බැරි විදියට කකුල් දෙපැත්තට බැඳලා. පුදුම දුකක් අසරණ සතා වින්දේ. කැලේ හිටියා නම් මොන තරම් විනොදෙන්ද එයා ඉන්නේ. (නදී)
පිටිගල Saturday, 19 July 2014 08:45 AM
අැයි හාමුදුරුවෝ ඇත් පැටියා ආපහු දෙන්න අදි මදි කලාද? තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයන් (නදී)
රාමන් Friday, 18 July 2014 09:24 PM
මේ දේවල් වලින් අන්තිමේදී දුක්විඳින්නේ අහිංසක සත්තු (නි)