මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මලයාසියාවේ සිට මරණ තර්ජනය කළ බවට වරද පිළිගත් සුමල් ලක්මනට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඔහු මුදා හළේය.
ඔහු දින 25ක් මේ නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියේය.
මීට පෙර ඇමැති සමයේ සිරිසේන මහතා ඝාතනය කරන්නට ආ කොටි සාමාජික ශිවරාජා ජෙනීවන් සිරගෙට නියමවූ නමුත් ජනපතිවරයා ඔහුට සමාව දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෆේස්බුක් හාදයා උසාවියෙන් තරවටු කර මුදා හරී
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 23 May 2016 04:57 PM
පේනවා නේද ඉස්සරත් දැන් යහපාලනය අතරත් තිබෙන වෙනස. (නි)
ඉසුරන්දි Monday, 23 May 2016 10:53 AM
අපොයි දේශපාලකයන්ට විරුද්ධව ෆේස්බුක් එකේ පලවෙන දේවල් දැක්කම පුදුමවිය යුතුත් නැහැ. (අ)
ජයම්පති Monday, 23 May 2016 11:56 AM
ඉසුරන්දි, සමාජ ජාල වල දේශපාලකයන්ට විරුද්ධ බොහෝ දේවල් පලවෙනවා. නමුත් මරණීය තර්ජනය කියන එක ඉතා බරපතල වැරද්දක්. (ර)
රුවන් Monday, 23 May 2016 12:28 PM
හොඳ මතක හිටින පාඩමක් ඉගෙනගන්න ඇති. (ර)
බමුණු Monday, 23 May 2016 01:48 PM
මරණීය තර්ජන නොකර කියන්න දේවල් බොහොම තිබෙනවා. එ්ත් ඉතින් මේගොල්ලෝ කරන කියන දේවල හැටියට අනේ මන්ද (බ)
ජයලත් Monday, 23 May 2016 02:46 PM
ජයම්පති ඔබ හරි ඕනෑම තැනක දේශපාලකයන්ව විවේචනය කරන්න පුළුවන් උපහාසයට ලක්කරන්න පුළුවන් නමුත් මරණ තර්ජන කරන්න බැහැ ( කාටවත්ම එහෙම කරන්න නීතියෙන් ඉඩක් නැහැ ) (බ)
නලින් යහම්පත් Monday, 23 May 2016 09:24 AM
මෛත්‍රීගේ මිනිසත් කම නිසා ඔහුට මරණ තර්ජන මරණ ක්‍රියා කල සැමට නිදහස (හේ)
පිටබැද්දර ජයා Monday, 23 May 2016 09:40 AM
දවස් විසි පහක් මදැයි ඉතින් , තවත් මොන දඬුවම්ද ? (ර)
ලසිත් Monday, 23 May 2016 09:44 AM
නව තාක්ෂනය අයුතු ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව දැඩි නීති ගෙන ආ යුතුයි. (ර)