
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක ඊයේ(19)වැනි දින පැවැත්විමට සුදානම් කර තිබු ෆෙස්බුක් සාදයකට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයන් 31 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ෆේස්බුක් සාදය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් සහභාගි වන බවට ලද තොරතුරක් මත නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය නගරයට පිවිසෙන සියළුම මාරවල පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී අයිස්, මත්පෙති, මත්වෙන මුද්දර ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෆේස්බුක් සාදයට මත්ද්‍රව්‍ය ගෙනා තරුණයන් 31ක් කොටු