යාපනය, නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි ගැඹුරු ළිඳකට වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්විය.
ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) රසික දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (24) පතුල නොමැති ළිඳ වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති එම ළිඳෙහි කිමිදී මළ සිරුර සොයාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
දුරස්ථපාලකයක් මගින් පාලනය කළ හැකි දිය යට නිරීක්ෂණ කැමරාවකින් සමන්විත අධි තාක්ෂණික යානයක් භාවිතා කර මීටර් 52 ක් පමණ ගැඹුරකින් යුක්ත වූ ළිඳෙහි නිරීක්ෂණ කටයුතු සිදු කැරිණි. පතුලට ගමන් කිරීමේදී ක්‍රමයෙන් පටු බවක් පෙන්නුම් කළ මෙම ළිං පතුලට වන්නට එම යානය ගමන් කරවීමේදී මීටර් 40 ක් (අඩි 131ක්) පමණ ගැඹුරේදී සුන්බුන් අතර සිරවී තිබූ මල සිරුර නිරීක්ෂණය කිරීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය. අනතුරුව කිමිදුම්කරුවන් දෙදෙනෙකු යොදවා සිරුර ගොඩ ගැනීමට ඔවුහු කටයුතු කළහ.
ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෙවැනි ගැඹුරු ලිදක් ආශ්‍රිතව සිදු කරන ලද ප්‍රථම මානුෂිය ක්‍රියාකාරකම වශයෙන් මෙය හැඳින්විය හැකි බව නාවික හමුදා මාධ්‍ය අංශය කියයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ළිං පතුලේ මළ සිරුර සොයන්න නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්
සරත් Monday, 25 April 2016 06:25 AM
අපේ නාවික හමුදාව අපේ රටට මහත් ආඩම්බරයක්. (ර)