IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිමිනමගේ ගිණුමෙන් මුදල් ඇද්ද 4ක් මාට්ටු

(සුමිත් පොතුපිටිය සහ  සමන් කාරියවසම් )

පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති  පුද්ගලයන් බව පොලිසිය කීය.

විහාරාධිපති හිමියන්  කල පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි .

විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර , කලකට පෙර උන්වහන්සේ ගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය.

සැකකරුවන් එම බැංකවේම  නාරම්මල ශාකාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම් වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කීය.

 

 

 



අදහස් (4)

හිමිනමගේ ගිණුමෙන් මුදල් ඇද්ද 4ක් මාට්ටු

Pradeep Kumara Monday, 22 September 2025 09:11 AM

එම පුද්ගලයන් සොයා දඬුවම් දෙන්න ඕන. ඒ වගේම කම් සැප එපා කියා පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ලඟ මෙතරම් මුදල් පවතින්නේ කෙසේද සහ ඔවුන් ඒවා තියාගෙන ඉන්නේ ඇයි කියලත් හොයලා බලන්න ඕන.

:       0       23

maalaka Monday, 22 September 2025 09:50 AM

හැඳුනුම්පත අස්ථානගතවීම පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබ්බද, නැත්තම් දැන් කියන කතාවක්ද? මේ “භික්ෂුව” මුදල් විශුද්ධිකරණයේ පුරුකක්ද කියලා සොයා බලන්න.

:       1       17

fairoos Monday, 22 September 2025 11:38 AM

අපෝ මෙච්චර සල්ලි කොහෙන්ද ?

:       0       8

Nandalal DE SILVA - France Tuesday, 23 September 2025 10:13 PM

අනේ අපේ හාමුදුරුවන් කෝටිපතියෙක් වුණේ කොහොමද? මෙහෙම විශාල දානපති දායකයින් රැසක් ඉන්නා පන්සලක ලොකු හාන්දුරු කෙනෙක් හැටියට වැඩ ඉන්නට, මේ උත්තමයානන් වහන්සේ සසරේ පෙර ආත්මවල කොතරම් පිංකම් කරලා තියෙන්න ඇද්ද ? හැබැයි හාමුදුරුවනේ, කවුරු හරි අල්ලස් හො දූෂණ කොමිසමට tip එකක් දුන්නොත්, files, පොත් පත් එහෙම උස්සාගෙන Colombo යන එක නම් ෂුවර්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site