(පුෂ්පකුමාර ජයරත්න)
හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකාරයට එම ස්ථානයේ පාලනය එක්තරා මැර කල්ලියක් අතට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති.
මෙම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් පිරිසක් යොදවා සිටියද එම මැර කල්ලිය ආරක්ෂක අංශ නිලධාරීන් ගණනකටවත් නොගෙන රිසි පරිදි තම මැර බලය මෙහෙයවමින් සිටින බව වාර්තාවේ.
සාමාන්‍ය ජනතාව දින ගණන් පෝලිමේ සිටියද ඉන්ධන බවුසරයක් පැමිණි විගස එම ස්ථානයට පැමිණෙන මෙම මැර කල්ලිය පෝලිමේ සිටින ජනතාවට තර්ජනය කරමින් පෝලිමේ පාලනය සහ ඉන්ධන බෙදීම පවා ඔවුන්ට අවශ්‍ය පරිදි සිදු කරන බවට ජනතාව චෝදනා කරති.
කුරුණෑගල විල්ගොඩ සහ යන්තම්පලාව ප්‍රදේශ වල පදිංචි මෙම මැර කල්ලියට කාන්තාවන්ද ඇතුළත් බවත් ඔවුන් තම බලය පෙන්වමින් ඉන්ධන බූලි වලට ලබාගෙන ගොස් වැඩි මිළට විකිණීම, පෝලිමට පිටින් යතුරු පැදි ඇතුළු කිරීම සඳහා මුදල් ලබා ගැනීම ආදි නීති විරෝධී කටයුතු වල නිරතව සිටින බවද ජනතාව පෙන්වා දෙති.
කුරුණෑගල නගරයේ අනෙකුත් ඉන්ධන පිරවුම්හල් වල මෙවැනි තත්ත්වයක් නොමැතිව ඉතා සාධාරණ ක්‍රමවේදයකට ඉන්ධන නිකුත් කරමින් තිබෙන බවද ජනතාව පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඇමතිගේ නමක් නැද්ද?
මිනිසුන් නිවටයන් නොවිය යුතුයි.
හිටපු ඇමතිගෙ නම දාන්න බරිනම් හො හෝඩුවාවක් දෙන්න බැරිනම් මෙවගෙ නිවුස් කියවන ඒකේ තේම මොකද ?...... නිවුස් එකක් ජනාතවට දැනගන්න.... කෝ වහනකොට රටට, ජනතවට, කෙලවෙන්නෙ යකුනේ..............
කුරුණෑගලද ? එහෙනම් ජොනියගෙ වෙන්න ඔන..කතා දෙකක් නැතුව.. මැර කල්ලියත් උන්දැගෙම හෙන්චයියො වෙන්නම ඔන.. මෙක මෙ අහින්සක මුනක් දාගෙන කරන අතුලෙන් දෙන ගෙම් එකක් වෙන්න අති..