
(යොහාන් භාසුර)
හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව වෙනුවෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පිහිටි අමරදේව අසපුව පරිශ්‍රයේ ඉදිකළ සුසානඝරය වෙත පුෂ්පෝපහාර දක්වා ගෞරව දැක්වූහ.
ප්‍රවීණ ගායන ශිල්පීනී ආචාර්ය, විශාරද නන්දා මාලානී මහත්මිය, අමරදේවයන්ගේ පුතු රංජන අමරදේව සහ දියණිය ප්‍රමුඛ පවුලේ ඥෘතීන්, කාලා ශිල්පීන් ඇතුළු පිරිසක් එහිදී සුසානඝරයට පුෂ්පෝපහාර දැක්වූහ.
එම උත්සවයේ දේශනය මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතා කළ අතර එහිදී ඒ මහතා අමරදේවයන්ගේ සංගීත හැසිරවීම ‘ප්‍රධාන සංගීත ආකෘති හතරයි, අමරදේව තවමත් තරුණයි’ යන තේමාව යටතේ සංගීතය සහ ගායනයන් මුසුකරමින් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ පුතු රංජන අමරදේව ස්තූති කථා කරමින් පැවසුවේ ‘අමරදේව අසපුව’ ජාතික වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස ඉදිරිවෙමින් ඇති බවත් එය පෞද්ගලික ස්ථානයක් නොව සියලුම දෙනාට වටිනාකමක් ඇති පොදු ස්ථානයක් බවත්ය. මෙම අවස්ථාවට සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ‘අමරදේව අසපුව’ කළමනාකරණ මණ්ඩල ප්‍රධානී මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සිරි රණසිංහ සහ තිලකරත්න කුරුවිට බණ්ඩාර යන මහත්වරු, සංගීතඥයන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)




2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙළයේ මහා ගාන්ධර්ව අමරදේවයන්ට උපහාර
බකල ජයා Monday, 04 November 2024 08:26 AM
මා හඬවයි බිඳුනු තුසිතය සුරන් නැලවූ සුයාමය...
ලුම්බිණි Monday, 04 November 2024 10:36 AM
මා නැතිදා උන්නු සුවඳක් දැනුණා වේ...