IMG-LOGO

හිස්බුල්ලාත් - පුතාත් කෝප් කමිටුවෙන් කට්ටි පනිති

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

මඩකලපුව විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ හීරා පදනමේ ප්‍රධානීන් වන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට අද (17) දිනයේදී කැඳවා තිබුණ ද ඔවුහු ඒ හමුවේ පෙනී නොසිටියහ.

විදේශ දූත මණ්ඩල රැස්වීමක් සඳහා විදේශ ගත වන බව දන්වා ඔවුන් කමිටුව හමුවට පැමිණ නොතිබිණි.

එම නිසා සහභාගි වූ බව කියන දූත මණ්ඩල රැස්වීම පිළිබඳ ලිඛිත තොරතුරු ද රැගෙන කමිටුව හමුවේ ඔක්තෝබර් 9 වැනිදා පෙනී සිටින ලෙස එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඔවුන්ට නියෝග කළේය.

පරමාණු බලශක්ති අධිකාරිය  හෙට (18) දිනයේත් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට ‍අනිද්දා (19) දිනයේත් කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

 



අදහස් (10)

හිස්බුල්ලාත් - පුතාත් කෝප් කමිටුවෙන් කට්ටි පනිති

sirimal Tuesday, 17 September 2019 02:08 PM

"හිස්" කියලා කියන්නේ නිකන්යැ. දෙන්නට එක්කෝ හොඳ ඔලු දෙකක් තියෙනවා නැත්නම් මොකුත්ම නැහැ.

:       0       0

Hafeel Tuesday, 17 September 2019 03:31 PM

සාමාන්‍ය මිනිහක්ට යම් කිසි චෝදනාවක් තිබුණා නම්, මේ වෙනවිට අත්අඩංගුවට අරන්, නඩුත් ගොනු කරලා, හිරේ දාලත් ඉවරයි. දේශපාලකයන්ට චෝදනා තිබුණත්, මෙවැනි වරප්‍රසාද, කමිටු පත් කරනවා, කොමිෂන් සභා පත් කරනවා. එහෙම කල්මරනවා.

:       0       0

Gamarala Tuesday, 17 September 2019 03:38 PM

ජනතාව විමසිල්ලෙන්..! බලමු එනවද කියලා?

:       0       0

Anton Tuesday, 17 September 2019 05:54 PM

හොරු !

:       0       0

Nishan Tuesday, 17 September 2019 10:13 PM

රජතුමා ලෝ පොයින්ට්ස් දෙනවා ඇති...

:       64       2

janatha anura Wednesday, 18 September 2019 07:23 PM

මේ කියන්නේ දැන් ඉන්න කවදාවත් අන්‍ය ආගමික බෝම්බ ගැන මියගිය අහිංසක ජනතාව ගැන කතා නොකරන එය වැරදි යයි නොකියන අහම්බෙන් ලැබිච්ච සමනල රජතුමෙක් ගැනද?

:       0       33

hisbulla Wednesday, 18 September 2019 03:12 AM

මේ රටේ පත්කරන කමිටු වලින් කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. ජනතාවට අවශ්‍ය උත්තර මම ජනතාව වෙත ලබා දීල තියෙනවා. ජනතාවගේ තීරණය අපි පිළිගන්නවා. ඵලක් නැති කමිටු වලින් කරන්නේ එකිනෙකට වරද පැටවීමත් ජනතාවගේ මුදල් නාස්ති කරන එකත් පමණි. කොහෙන් හෝ ලැබුණු මුදල් සතයක්වත් වංචා නොකර රටේ දියුණුවට මම යොදවා ඇත. මේ හදපු ගොඩනැගිලි සියලුම ජනතාවට, විශේෂයෙන් බහුතර සිංහල ජනතාවත් සමග බෙදා ගනිමි. රට ඉඳි ගස් නිර්මාණ වල වෙනසක් උනේ මුදල් දෙන පිරිස සතුටු කිරීමට පමණි .

:       143       64

sharm warn Friday, 27 September 2019 05:20 AM

මේ ප්‍රකාශය කරන්නේ ඇත්තටම හිස්බුල්ලා ඇමතිවරයා නම් , රජයේ ඇමතිවරයෙක් හැටියට කට්ටි පැන පැන මෙහෙම ප්‍රකාශ කියා කියා ඉන්න පුළුවන්ද? මෙයාට රට ගැන තියෙන වගකීමද මේ පෙන්වන්නේ? කොහෙන් හරි ලැබුන සල්ලි කියන්නේ? කොහෙන් කොහෙන් හරි සල්ලි රටට ගෙන්න ගන්න පුළුවන් නම් මහා බැංකුවක්, රේගුවක්, විනිමය පාලන කාර්ය මණ්ඩලයක් මොකටද? මුදල් විශුද්ධිකරණ පනත්, විශේෂ මුල්‍ය විමර්ශන ඒකක මේවා මොකුත් ඕන නැහැනේ.එතකොට ඒ නීති සේරම සිංහල හා දෙමළ මිනිස්සුන්ට විතරද? රටක ජාතියකට ඕන මගඩියක් නටන්න දෙන්න ඕනද? පුදුම කතාවක්නේ.

:       0       0

jayath Wednesday, 18 September 2019 03:30 AM

මේ කමිටුව හොඳයි අඩුම තරමේ මේ වගේ දේවල් වෙනවා කියලවත් මිනිස්සු දන්නවා. නමුත් අනාදිමත් කාලෙක ඉඳලා වාර්තා විතරයි. අඩුම තරමේ "මැරිච්ච මීයෙක්" වත් මේකෙන් එල්ලලා නැහැ.!

:       0       63

sharm warn Friday, 27 September 2019 05:14 AM

එතකොට මොවුන් දෙන්නා තවම ලංකාවට ඇවිල්ලම නැද්ද ? 17 ඉදලා දවස් 10ක් ගිහින්.මෙහෙම රට සවාරි ගහන්නේ මෙහෙ වැඩ නැති නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site