IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර පොලිස් පරීක්ෂක අල්ලයි

පොලිසිය බව හඟවමින් මහමඟ යන මිනිසුන් ත්‍රීරෝද රථවලට නංවාගෙන ගොස් කොල්ල කන කණ්ඩායමක සාමාජිකයෝ තිදෙනෙක් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. බීමත්ව මහමග යන පුද්ගලයන් කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බව කියන පොලිසිය ඔවුන් කොල්ල කන ත්‍රිරෝද රථ තුනක් යතුරු පැදි ඡංගම දුරකතන ඇතුළු දෑ පොලිස් බරයට ගෙන ඇත.  



අදහස් (0)

හොර පොලිස් පරීක්ෂක අල්ලයි

සත්‍යපාල Saturday, 14 December 2013 01:19 PM

මුන්ටත් යන්න පුළුවන් දුර ගිහින් ඉවර බව පෙනෙනවා.පුදුම කරුමයක්.මේ රට ආපසු යුද්දෙකට පැටලෙන එක හෝ වෙනරටක් ගිලගන්න එක පැහැදිලිව පෙනෙනවා.මෙයට පාර කැපෙන්නේ මේ හොර මැර වංචා දුෂණ නිසා සියල්ල නිසා.දේශපාලකයන් ඉන්නේ උන් ගැන අධිතක්සේරුවකින්.තොන්ඩුව බෙල්ලට වැටෙන තුරු නොපෙනීම රටේ කරුමය.ජනතාව හැම දෙයක් දිහාම සැකයෙන් බියෙන් බලන තැනට රට නැවත තල්ලුවෙමින් ඉන්නේ.මේ පීඩනය ජාතිවාදී කලබලයක් දක්වා වුවද නැවත තල්ලුවීම තුලින් රට බෙදීම හෝ විදේශ ආක්‍රමණයකට තල්ලුවීම නොවැලක් වියහැක(දිල්).

:       0       0

ඇන්ටන් Saturday, 14 December 2013 02:47 PM

මේ විදියට ඇත්ත පොලිසියයි , හොරා පොලිසියයි අපි හදුනා ගන්නේ කෙසේද ? (නදී)

:       0       0

අමිතා Saturday, 14 December 2013 03:07 PM

ඉතා අගය කල යුතු වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි.(නදී)

:       0       0

අශෝකා Saturday, 14 December 2013 03:54 PM

ඉතා අගය කල යුතු වැඩ පිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි. (නදී)

:       0       0

බන්දුල Saturday, 14 December 2013 05:59 PM

ඇත්ත පොලිසිය හොයා ගන්නත් අමාරුයි. කල්පනාවෙන් මේවා කරන්න ඕනා. දේශපාලකයෙක් මේවට හවුල් වුනොත් හදිසි මාරුවීමක් ලැබෙයි. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 14 December 2013 06:11 PM

දිනෙන් දින අලුත් අලුත් ක්‍රම භාවිතා කරමින් දැන් කොල්ල කෑම් සිදුවෙනවා. රැකියාවක් කරන්න කම්මැලි ආත්ම විශ්වාසයක් නැති අය තමා එදා වේල පිරිමසන්න මේ වගේ උපක්‍රම යොදා අහිංසකයන්ගෙන් ගරා කන්නේ. නියම පොලීසියත් එහෙමයි හොර පොලීසියත් එහෙමයි. හැමෝම අපේ දේවල් ගරාකන්න තමා බලන්නේ. තැලෙන්නේ අපිම තමා. මහන්සිවෙලා හම්බකරපු දේවල් මෙහෙමත් දෙන්න සිදුවෙන එක තමා කරුමේ කියන්නේ. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 14 December 2013 06:33 PM

දේශපාලඥයන් යයි කියමින් ජනතාව රවටා මැති සභයට හා පළාත් සභාවල ට පැමිණි බොහෝ දෙනෙක් හොරු. ඉතින් ජනතාවත් අන්ද මන්ද වෙලා සැබෑ දේශපාලඥයා කවුද බොරු කාරයා කවිද කියල හොයා ගන්න බැරුව. ඒකනේ හොරුන් දිගටම මහජන ඡන්දයෙන් තේරිලා මැති සභාවලට එන්නේ. පොලිසිය පමණක් තනියෙන් ශුද්ධ වෙන්නේ නැහැ.(නදී)

:       0       0

රමිෂි Saturday, 14 December 2013 06:53 PM

පොලිස් නිල ඇදුම් පිටින්මද අල්ලා ගත්තේ. (නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 14 December 2013 07:24 PM

බොරුවට එහෙම හඟවන අය විතරද එහෙම කරන්නේ? (නදී)

:       0       0

ලාල් මහනුවර Saturday, 14 December 2013 08:09 PM

කෑ නොගහ ඉන්නකෝ.කුඩු, අරක්කු ,මීනී මරුවෝ,මංකොල්ල කාරයෝ තව මොනවද අඩු හැම දෙකින්ම අපි දැන් පෝෂිතයි(දිල්)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 14 December 2013 08:44 PM

තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.(දිල්)

:       0       0

නිශ්ශංක Saturday, 14 December 2013 09:06 PM

මේ එන්නේ හොර පොලීසියෙන් ද දන්නේ නෑ(දිල්)

:       0       0

නිලන්ති Saturday, 14 December 2013 10:28 PM

ඇත්ත පොලිසිය අපේ වාහනයක් නැවැත්තුවාමත් වැඩි වෙනසක් නෑ. (දිල්)

:       0       0

ඩැනි Sunday, 15 December 2013 02:00 AM

අපට ඉස්සරලම එයාලගේ හැඳුනුම්පත පෙන්නන්න කීවොත් හොඳ නැද්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site