IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර ඒජන්සිකරුවෙක් මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසිය වෙත භාරදෙනු ලැබීය.

මෙම ආයතනය මගින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා වීසා පත් නිකුත් කර ඇතැයි ද මෙම ආයතනය 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස ආරම්භ කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදේශ කටයුතු අමත්‍යාංශයේ නිලධාරීන් හෙළි කළේය .

මෙම අනවසර රැකියා නියෝජිත ආයතනය පිළිබඳව විදේශ කටයුතු අමත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි අනුව සිදු කෙරුණු විමර්ශනයක් මත මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත. අත් අඩංගුවට ගැනුණු සැකකරු මීරිගම පොලිස් ස්ථානයේ රඳවා තැබීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් පියවර ගත් අතර මෙම සැකකරු ‍හෙට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

හොර ඒජන්සිකරුවෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site