IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හැරිසන්, සජිත් හැර යයි

(අංජුල මහික වීරරත්න සහ තිසර සමල්)

තව පෝය දෙකක් යන විට සජබෙන් බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වනු ඇතැයි සමගි ජන බලවේගයේ උප සභාපති පී .හැරිසන් මහතා ලංකාදීපයට පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතා අලි ගිලපු දිවුල් ගෙඩියක් වගේ යැයි ද පිටින් හොඳට පෙනුනාට ඇතුලේ කිසිම දෙයක් නැතැයි ද කී හැරිසන් මහතා ඔහු සමග ඉදිරි ගමනක් නැති බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වී තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමනට සහයෝගය පළ කරන බව ද හැරිසන් මහතා සඳහන් කළේය.

මම අවුරුදු 13 කට අධික කාලයක් අනුරාධපුර බටහිර ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරනවා, මැතිවරණ ගණනාවකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මැතිවරණවලදී සමඟි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයේත් කටයුතු කෙරුවා. මම 1987 ඉඳලා දේශපාලනයයට ඇවිල්ලා, දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් ආරම්භ කරපු මේ ගමන, මම අද වෙනකන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අපි වැඩ කෙරුවා, හැබැයි දිගින් දිගටම පක්ෂයේ ගන්නා ක්‍රියාමාර්ගයන් ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. පෞද්ගලිකව අපේ දේශපාලන වැඩවලටත්, ඒ වගේම රට වෙනුවෙන් විපක්ෂ නායකතුමා ගන්නා තීන්දු ගැනත් අපිට සෑහීමකට පත් වෙන්න බෑ.

මේ රට කවදාකවත් නැති විදිහට අර්බුධ රාශියකට මුහුණ දුන්නා.ඒ අර්බුධ හමුවේ අපි එදත් ප්‍රාර්ථනා කෙරුවේ මේ අර්බුධවලට එකම විසඳුම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කෙරුවේ, ගිය සැරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉඳලා අපි හැමෝම එතුමාට ඡන්දය දුන්නා.

හැබැයි ඒ අවස්ථාව එතුමාගෙන් ගිලිහිලා ගියා.ඒ කොහොම වෙතත් මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ කරලා, සමඟි ජන බලවේගය වෙනම තරඟ කෙරුවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආසනයක් නොතිබුණත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ඇවිල්ලා රටේ අගමැති වෙලා, රටේ ජනාධිපතිත් වෙලා තියෙනවා.

 



අදහස් (20)

හැරිසන්, සජිත් හැර යයි

C.K.Lankaputhra Sunday, 14 May 2023 10:35 PM

මුන්ට තමයි කියන්නේ දේශපාලන වව්ලෞ කියලා. ගෙඩි පලගන්න කාලෙට පලදාව වැඩියෙන් තියන ගස් වලට ගිහින් එල්ලෙනවා. මුන්ගේ එකම ප්රතිපත්තිය තමයි වත්ත කාගේ උනත් පුලුවන් තරමටත් වැඩිය පලදාව ගිල දමල රට පුරාම වසුරූ හලන එක..රටේ ජනතාව හිතට ගත යුතු වැදගත්ම දෙය නම් මුන්ට පාඩමක් උගන්නන එක. ඒ කියන්නෙ චන්දෙ නොදී ඉන්න එක.

:       2       21

Sampath Sunday, 14 May 2023 10:37 PM

රනිල් හැරදාල කයමක් ගියෙ රනිල්ට බලය ගන්න බෑ කියල දැන් සජබෙට තියෙන වලංගු බාවය නැති වෙලා හන මිටිය කරගහන් ගිය වගෙ සජබෙ එක්ක යන එක තේරැමක් යන ඒක කියල දේශපාලනය දන්න අය තෙරුම් අරන්.

:       0       1

siri Sunday, 14 May 2023 11:30 PM

එක්සත් ජාතික පක්ෂය අතහැර සජබේ හදන්න ගිය දවසේ කීව ප්‍රකාශයත් පලකලොත් තමා වටින්නේ. මේ වගේ දිනන පැත්තට හෝයියා කියන කිසිම ලැජ්ජාවක් බයක් නැති දෙපිට කාට්ටු මිනිස්සුද රටක් හදන්නේ ?

:       1       17

ලුම්බිණි Monday, 15 May 2023 04:25 AM

එකම ගෙයි අර කාමරෙන් මේ කාමරේට යෑම ගේ ඇත හැරලා යාමක් වෙන්නේ කොහොමද?

:       0       8

SAM Monday, 15 May 2023 06:44 AM

හැරිසන්, රනිල් හැර ගොස් සජිත්ට එක්වෙයි, හැරිසන්, සජිත් හැර ගොස් රනිල්ට එක්වෙයි !

:       1       4

විසිල් රාජ Monday, 15 May 2023 07:15 AM

මේවා මහජනතාවට වැදගත් නෑ. මේවා බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දාන්න එපා. තෙල් බේරෙනවා මූනේ. අපේ සල්ලිවලින් නිකම් කාපුවා....

:       0       3

desapaluwo Monday, 15 May 2023 07:42 AM

දේශපාලුවෝ...!

:       0       0

දාස Monday, 15 May 2023 08:13 AM

මේ හැමදාම දකින දර්ශනය , මුන්ට මොන රට ගැන කැක්කුමක්ද එකම නාය්‍ය වාසි පැත්තට හෝයියා

:       1       3

Sunil Monday, 15 May 2023 08:22 AM

අත්තෙන් අත්තට පනින රිළව් රට පටවන විට මෙයාවත් පන්නන්න. ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.

:       1       2

janahitha Monday, 15 May 2023 08:55 AM

අන්තිමට වෙන්නේ ජාතික ධනය කොල්ල කාපු නූගත් සොරු කණ්ඩායමකට මුක්කු ගැසීමක් පමණි. ඇතුලේ බොහෝමයක් දේවල් වෙනවා. මුක්කු ගසා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.

:       1       1

anivarya Monday, 15 May 2023 08:55 AM

ලොකු මුදලක් කපුටු කණ්ඩායමෙන් ගෙවන්න ඇති අනිවාර්යයෙන්ම...

:       1       4

Surain Monday, 15 May 2023 09:30 AM

හොරුත් එක්ක එකතුවෙන එක කොච්චර සැපක්ද?

:       1       5

Ssg Monday, 15 May 2023 09:38 AM

මේ රට බංකොලොත් වෙන්න ලොකු හේතු මීට හරක් හොරා

:       1       4

Lalla Monday, 15 May 2023 09:48 AM

වල පයයි ගොඩ පයයි තියෙන රනිල්ට පන්දම් අල්ලන්න.... කිසිවෙකුට සැමදාම වැඩ කරන්න හෝ ජීවත් වෙන්න බෑ කියල නොදන්න මෝඩ මිනිස්සු......

:       1       5

wedage Monday, 15 May 2023 09:56 AM

කුනු ගොඩට හරක් කුනුත් එකතුවෙනව කියන්නෙ ඔකට තමයි

:       1       4

Surain Monday, 15 May 2023 10:39 AM

හොරෙක් නැවත හොරා එක්ක එකතුවීම ලංකාවට සුලබ දෙයක්නේ...

:       1       2

Ravi Ranatunge Monday, 15 May 2023 01:20 PM

අනේ මගෙ කට

:       0       0

fairoos Monday, 15 May 2023 01:58 PM

අනේ මෙහෙමත් කාලකණ්ණි...

:       0       1

Bamunuarachchi Monday, 15 May 2023 03:04 PM

ඇයි ෆවුසියාට විතරද කරන්න හොඳ...?

:       0       0

Kazi Shajahan Monday, 15 May 2023 03:28 PM

තවත් ඡන්ද 10-15 අඩුඋනා සජිත් ට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 874 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1290 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site