IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හෝර්ලික්ස් නංගීට ප්‍රධාන චරිතයක් ලැබිලා

20160323-ent-53

ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නෙතු ප්‍රියංගිකා මේ දිනවල ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ අඩුවෙන් කතාබහ වෙන යොවුන් නිළියකි. දැනට ටෙලි නාට්‍යය බොහෝ ප්‍රමාණයක රඟපෑ ඇති නෙතු "ජීවිතය ලසන්නයි" චිත්‍රපටය තුළින් සිනමාවටද එක්වූවාය. නෙතු රංගනයෙන් එක්වූ වෙළෙඳ දැන්වීම් කිහිපයක් මේ දිනවල විකාශය වන අතර, ඒ නිසාම වර්තමානයේ බොහෝ දෙනෙකු ඇයව "හෝර්ලික්ස් නංගි" ලෙසද අමතන්නට පෙළෙඹ සිටියි. ඉදිරියේදී ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින නෙතු සිය අලුත්ම තොරතුරු අපට පැවසු‍වේ මෙලෙසිනි.

"පසුගිය කාලේ එක දිගට ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වුණා නිසා පොඩි වෙනසකටත් එක්ක මම මේ දවස්වල කලා ක්ෂේත්‍රයෙන් තාවකාලිව ඈත් වෙලා ඉන්නවා. ඒත්, මම රංගනයෙන් එක්වූ වෙළෙඳ දැන්වීම් කිහිපයක් මේ දිනවල විකාශය වන නිසා බොහෝදෙනෙකු ඒ හරහා මාව හඳුනාගෙන කතාබහ කරනවා. පාරතොටේදී පවා මාව දැක්කොත් බොහෝදෙනෙකු "ආ මේ හෝර්ලික්ස් නංගිනේ" කියලා මාව අමතනවා. මාව කාලයකින් ටෙලි නාට්‍ය වල දැක්කෙ නැති නිසා මගේ රසික, රසිකාවියන්ට කියන්න ඕන මගේ ටෙලි නාට්‍ය තුනක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා කියලා. විකාශය වෙන්න නියමිත ටෙලි නාට්‍යය අතරේ එක් ටෙලි නාට්‍යයක මා ප්‍රධාන චරිතයකටත් දායක වෙනවා. එහි මා නිරූපණය කරන්නේ මාධ්‍යවේදිනියකගේ චරිතයක්. මගේ රංගන දිවියේ මා රංගනයෙන් දායක වන පළමු ටෙලි නාට්‍ය ප්‍රධාන චරිතය නිසා එය මට විශේෂ ටෙලි නාට්‍යයක්. ඉතින් මම හිතනවා බොහෝම ඉක්මනින් මේ ටෙලි නාට්‍යය හරහා නැවතත් මගේ රසික, රසිකාවියන්ට මාව දැකබලා ගන්න පුළුවන් වේවි කියලා"

 

බුද්ධික සේනාධීර

20160323-ent-47
20160323-ent-48
20160323-ent-50
20160323-ent-51
20160323-ent-52

 



අදහස් (0)

හෝර්ලික්ස් නංගීට ප්‍රධාන චරිතයක් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site