
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් ඊයේ(19) වැනි දින රාත්‍රී පියවර ගෙන තිබේ.
මෙම සැකකටයුතු විදේශිකයන් දෙදෙනා පෙනුමෙන් චීන ජාතිකයන්ගේ හැඩ හුරුකමින් යුතු වූ අතර ඔවුන් සන්තකයෙහි වූ චීන ජාතික ගමන් බලපත්‍ර තුළ ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ගමක නමක් සඳහන් වී ඇති අතර මීට අමතරව කාම්බෝජ සහ තුර්කි ජාතික , සත්‍ය ගමන් බලපත්‍ර ද ඔවුන් සතුව තිබී ඇත.
චීන රජයේ නීතිය අනුව එරට වැසියන්ට ද්විත්ව පුරවැසිභාවයන් තබා ගත නොහැකි වන අතර එසේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගතහොත් චීන රජයේ පුරවැසිභාවය අහෝසි වනු ඇත.
36 හැවිරිදි සහ 37 හැවිරිදි මොවුන් දෙදෙනා ඊයේ(19) වැනි දින රාත්‍රී 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා සේද මාවත ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ තිබේ.
චීන ජාතික මේ වනවිට ශ්‍රී ලංකාව තුළත් අනෙකුත් විදේශීය රටවලත් මහා පරිමාණයෙන් පරිගණක අපරාධ සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලි සඳහා සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින නිසා ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් මොවුන් දෙදෙනා ආපසු ඔවුන් පැමිණි ගමනාන්තය වෙත පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි