මත්වතුර පානය කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද (13) අලුයම සිදු වූ පිහි ඇනුමකින් හොරණ ප්‍රදේශයේදී පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මරණකරු වැල්ලවත්ත, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් (40) බව පොලිසිය පවසයි.
පිහි ඇනුමින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා හොරණ රෝහලට අද(13) අලුයම ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිටි ඇතැයි පැවසේ.
පිහි අනුම සිදුකළ සැකකරු රෝහල් භූමියේ සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හල්ලපිටිගල, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් (31) බව හොරණ පොලිසිය කියයි.
මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ හා මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හොරණ පිහි ඇනුමකින් අයෙක් මරුට