IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හයිලන්ඩ් කිරි පිටි මිල අඩු කරයි

(අංජුල මහික වීරරත්න)

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 මිල්කෝ සමාගම අද දින සිටම මෙම මිල අඩු කළ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කළ ද දැනට වෙළෙඳපළේ ඇති තොග පැරණි මිලටම පවතින හෙයින් ලබන සතියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ  රුපියල් 1125කට අලෙවි  කරන හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල ඒ අනුව රුපියල් 1050 දක්වා අඩු කිරීමටද,හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 190කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.



අදහස් (7)

හයිලන්ඩ් කිරි පිටි මිල අඩු කරයි

ලසන්ත Tuesday, 10 September 2024 12:42 PM

අනිත් ඒවා බොහොමයක් ග්‍රෑම් 400ය රු.1000ට වඩා අඩුයි. මේගොල්ලන්ගේ නාස්ති, ගසාකෑම් දුෂණ, හානි, පාඩුත් අපේ පිටින් තමයි යවන්නේ!

:       2       48

භාතිය රණතුංගTuesday, 10 September 2024 04:47 PM

හොද දෙයක් මුදලක් වෙනවා. ඔහොම හිතන නිසා තමයි ලංකාවට සංවර්ධනය වෙන්න බැරි. නිකං දෙන්න ඉල්ලුවා නම් හරිනේ!

:       2       0

Oscar Tuesday, 10 September 2024 02:10 PM

දැන්නම් හොඳටම පරක්කුයි

:       2       39

Priyantha Dissanayake Tuesday, 10 September 2024 02:25 PM

ඇමති තුමණි, ඔබතුමන්ලා හිතාගෙන ඇති මිනිස්සු තණකොළ කනවා කියලා. ආනයනික කිරිපිටි මිල ඩොලරයේ උච්චාවචනය අරවා මේවා කියලා තුන්ගුණයකින් පමණ එකවර වැඩිකළා. ඒ සමගාමීව දේශීය නිෂ්පාදනය කරන කිරිපිටි වර්ගත් සාධාරණ හේතුවකින් තොරව මිල වැඩිකළා. එදා මෙදාතුරාවට කොවිඩ් යුගයේ තිබූ අපහසුතා හෝ හේතු මේවනවිට පහව ගොස් තිබෙනවා නමුත් සුළු සුළු ගණන්වලින් මිල පහළ දැම්මා මිස යම් සහනයක් ලැබෙන ප්‍රමාණයකින් මිළ පහත දැමුවේ නැහැ. දැන් රු.75කින් අඩුකරනවාලු ඒකත් ලබන සතියේ සිට. ඔබතුමා ලංකාවේද දන්නේ නැහැ ඉන්නේ ඇතැම් ආනයනික කිරිපිටි රු.800 ගණන්වලට ඇතැම් සුපර් මාර්කට්වල තිබෙනවා කියන්න දන්නවාද. මිනිසුන් අවස්ථාව එනකම් පුලපුලා බලාගෙන ඉන්නේ කෘතගුණ සළකන්න.

:       3       50

විජිත් Tuesday, 10 September 2024 04:49 PM

#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!

:       2       3

ජයනාත් Tuesday, 10 September 2024 05:58 PM

දේශිය දේ මෙහෙමද.. හයිලන්ඩ් , පැලවත්ත හැම එකක් ම මිල වැඩියි .

:       0       7

K p chandana Wednesday, 11 September 2024 10:57 AM

චන්දෙ කාලෙට අඩු කරලා චන්දෙන් පස්සේ වැඩි කරපල්ලා . ඔය ඔක්කොම ඡන්දෙට තමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site