IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හැම දෙනාටම අවුරුද්ද පොදු වෙනවා

20160408-ent-130

20160408-ent-131විවාහ යුවළක් සඳහා අවුරුද්දට වැඩ කරන්න තියෙන ප්‍රමාණය වැඩි. ඉතිං ඒ වැඩකටයුතු සහ අවුරුදු සමරන විදිහ දැන ගැනීමට රොෂාන් රණවන අපත් සමග එක්වුණා.

"අලුත් අවුරුද්ද කියන්නෙ අපි හැමදෙනාටම විශේෂ වූවක්. කොහොමත් අපි හැම අවුරුද්දෙම ගෙදර ඉඳලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටු කරනවා."

ගිය අවුරුද්දෙ මටයි මගේ බිරිඳ කුෂ්ලාණිටයි ස්වර්ණවාහිනී ආයතනයේ ආරාධනාවක් ලැබුණා සජීවීව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම සඳහා. එම වැඩසටහන සිදුකෙරුණේ විවාහක නවක යුවළක් වශයෙන් මේ චාරිත්‍ර සිදුකරන්නට ඕනෙ කියන පදනම මත වීම විශේෂත්වයක් වුණා. ඉතින් ඒ වෙලාවේ අපි ඒ වැඩසටහනට දායක වුණේ බොහොම කැමැත්තෙන්. මොකද ඒ හරහා රටටම ආදර්ශයක් දෙන්න හැකියාව ලැබුණනෙ. ඉතින් ඒ නිසා ගිය සැරේ ගෙදර අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සිදුවුණේ නෑ. මේ සැරේ අවුරුද්දට නම් ගෙදර ඉඳලා අවුරුදු චාරිත්‍ර ඉටුකරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

අලුත් අවුරුද්දෙදී සිදුකරන වැඩකටයුතු ගත්තොත් මේ දිනවල ITN එකේ මගේ ටෙලිනාට්‍යයක් විකාශය කෙරෙනවා. දෙරණ Star City රියලිටි වැඩසටහනටත් සහභාගි වෙනවා. මැයි මාසෙන් පස්සෙ චිත්‍රපට දෙකකුත් එන්න තියෙනවා.

ඇත්තටම අලුත් අවුරුද්ද වෙනුවෙන් මට මගේ රසිකයන්ගෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි නිවැරදි පිළිවෙළට චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්න කියනදේ. ගොඩක් අය දැන් පුරුදුවෙලා ඉන්නවා අවුරුද්ද දවසෙ ගෙවල්වල ඉන්නෙ නැතිව වෙන ගමන් යොදා ගන්නට. ඒක හොඳ දෙයක් විදිහට නම් මම දකින්නෙ නෑ. මෙම චාරිත්‍ර අභාවයට යන්න දෙන්න හොඳ නෑ. ඒ නිසා අපි ඒවා පිළිපදින්න ඕනෙ.

සිංහල හින්දු ලෙස තියෙන නිසා සිංහල අනෙක් දේ තමයි මේ අවුරුද්ද ගත්තම ඇතැම් අය හිතනවා එය සිංහල බෞද්ධයන්ට පමණක් අයිති වූවක් කියලා ඇත්තටම එහෙම හිතන්න හොඳ නෑ. බෞද්ධ, කතෝලික භේදයකින් තොරව හැම දෙනාටම අවුරුද්ද පොදු වෙනවා. ඒ නිසා බෞද්ධ, හින්දු, කතෝලික වශයෙන් බෙදීම් ඇති කරගන්නේ නැතිව අවුරුද්ද සැමරීම වඩා වැදගත් ලෙසයි මම දකින්නේ."

 

කුෂි 


DESHAYA

 

20160408-ent-129



අදහස් (0)

හැම දෙනාටම අවුරුද්ද පොදු වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site