හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට, ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ දකුණු දිග ගාසා තීරයේ සිදු කළ මෙහෙයුමකදීය.
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත්තේ ගාසා තීරයෙන් හමාස් සාමාජිකයන්ගෙන් මුලිනුපුටා දමන බවය.
ඊශ්‍රායල හමුදාව මෙසේ පැවැසුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. මෙහෙයුම්වලින් යාහ්යා සින්වාර් සහ තවත් හමාස් සටන්කාමීන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, යාහ්යා සින්වාර්ගේ සිරුර තමන් සතු බවත් හමුදාව පවසා ඇත.
එසේ වුවත්, ඒ බව තහවුරු කිරීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද පවත්වන බව ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි. යාහ්යා සින්වාර් මියගිය බව හමාස් සංවිධානය තවමත් තහවුරු කර නැත.
ඊශ්‍රායල හමුදා සහ බුද්ධි අංශ වසකර කාලයක් යාහ්යා සින්වාර් සොයමින්, ඔහු ලුහුබැඳ ගිය බවත් අවසානයේ යාහ්යා සින්වාර් පමණක් නොව, ඔහුගේ සමීපතමයන් තිදෙනකු ඝාතනය කිරීමට හැකි වූ බව ඊශ්‍රායල හමුදාව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් අනතුරුවය. එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය ගාසා තීරයේ පලස්තීනුවන් ගණන 42,000 පසු කර ඇත.
62 හැවිරිදි යාහ්යා සින්වාර්, හමාස් සංවිධානයේ නායකයා බවට පත්වූයේ 2017 වසරේදීය. ඊට පෙර ඔහු වසර 22 ක්, ඊශ්‍රායල බන්ධනාගාරයක සිරකරුවෙක් විය. ඔහු මුදා හැරුණේ 2011 වසරේ දී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සිදුවුණු සිරකරු හුවමාරුවකදීය.
(ඒ.එෆ්.පී.)
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
කසුන් Friday, 18 October 2024 05:22 AM
ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය මුලින් උපුටා දමන ඒ නායකයාට හිස නමා ආචාර කරමි.
アヨーディヤ Friday, 18 October 2024 07:28 AM
මචන් පහුගිය නෙවෙයි.. ගිය අවුරුද්දේ...