ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතුමක් දී සුබ පැතුවේය.
ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්මවීට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන කමලා හැරිස් පවසා ඇත්තේ, ගාසා තීරයේ හමාස් සටකන්කාමීන්ට එරෙහිව යුද්ධය නැවැත්වීමට මෙය හොඳ අවස්ථාවක් බවය.
යාහ්යා සින්වාර් සිත්පිත් නැති ත්‍රස්තවාදීයකු බවත්, ඔහුගේ මරණය සැමට අස්වැසිල්ලක් වනු ඇති බවත්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලේනා බර්බොක්, ඉතාලි විදේශ ඇමැති ඇන්තෝනියෝ ටජානි නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.
හමාස් නායක යාහ්යා සින්වාර් මියයෑමෙත් සමඟ හමාස් ග්‍රහණයේ පසුවන සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් බ්‍රසල්ස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, යාහ්යා සින්වාර්ගේ මරණය ගැන දුක් වන කිසිවකු නොමැති බවය.
‘පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ඒ කුරිරු ප්‍රහාරය පසුපස සිටියේ හමාස් නායක යාහ්යා සින්වාර්ය. ඔහු මරා දැමීමට ඊශ්‍රායල හමුදා කටයුතු කිරීම ගැන ආඩම්බරයි.’ යැයි එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හේලි පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි