IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

 ( ඉන්දිකා රාමනායක)

කොළඹ ජාතික  රෝහලේ  ප්‍රතිකාර ලබමින්  සිටි  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් ආරක්ෂාව යටතේ  මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

හේමසිරි ප්‍රනාන්දු මහතාට  අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද අසනීප තත්ත්වයක්  හේතුවෙන් රෝහල් ගත වන බැවින් එහි නොපැමිණෙන බව ඒ මහතා දැනුම් දී තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.



අදහස් (10)

හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

Nishantha Tuesday, 02 July 2019 10:43 AM

අපිට දැන් මේ නාටක බලලා ඇති වෙලා...

:       43       189

නෙවිල් Tuesday, 02 July 2019 10:45 AM

අනෙක් කෙනා, පූජිත් අන්න නාරාහේන්පිට පොලිස් රෝහලේලු

:       585       377

saliya Tuesday, 02 July 2019 11:00 AM

ප්‍රධානීන්ට ආවඩමින් පුටු රත් කිරීමේ පල විපාක. එහෙත් ඒ නිසා සියලු පවු වලට කර ගැසීම ගැන කණගාටුයි.

:       0       104

රවින් Tuesday, 02 July 2019 11:23 AM

අවුරුදු කීයක් රාජ්‍ය සේවය කළාද? කමක් නැහැ. පළමුවෙනි දවසේම විවෘත අධිකරණයේදී සියල්ල ඇත්ත ඇති සැටියෙන්ම පවසන්න. කිසිම දේශපාලකයෙක්ම බේරාගන්න හිතන්න වත් එපා. ඔවුන් කවදාවත් ඔබලාව බේරාගන්න එන්නේ නැහැ. නහයට උඩින් ගිය වතුර ඔලුවට උඩින්ගියා කියලා වෙනසක් නැහැනේ.

:       0       38

beau Tuesday, 02 July 2019 11:30 AM

මේ මුදුනේ ඉන්න නීතිය ගැන දන්නා අය නේද ඉස්පිතාලවලට රිංග ගෙන කට්ටි පනිමින් ඉන්නේ. ඉතින් පොඩි අය මොනවා කරපුහම මොකද ඇති වැරැද්ද

:       0       0

Hafeel Tuesday, 02 July 2019 12:20 PM

මේ ජනාධිපති තමන් බේරන්න අනුන්ව බිල්ලට දෙනවා. කාලයක් නාමල් කුමාරගේ නාට්‍යයක් ඉදිරිපත් කරමින් නාලක සිල්වා මහතාව හිරේ දාලා සහරාන්ලාට ප්‍රහාර එල්ල කරන්න පහසුකම් සලසා දුන්නා. දැන් තවත් එක් රඟපෑමක්... මේක මොනතරම් පහත් වැඩක්ද? කාරක සභාවෙන් සේරම හෙලිවෙනකොට, ඕක කඩාකප්පල් කරන්න උත්සාහ කළා. දැන් බැරි තරම් මේ පහත් වැඩ කරන්නේ. මේ නිලධාරීන්ගෙන් අඩුපාඩු ඇති. නමුත් ජනාධිපතිට මේකෙන් බේරන්න බැහැ.

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Tuesday, 02 July 2019 12:29 PM

හාමුදුරුවන් වහන්සේලා බොහෝ හිරේ දානකොට, අපහාස කරනකොට තමන්ට ඔහොම වෙයි කියලා හිතන්නේ නෑ. කිරි දොවපු ගමන් නොමිලේ සෙරෙප්පු දාපූ ගමන් ගෙවී ඇති බව නොපෙනේ. පිං පව් එනවා අපි පසු පස්සේ. බුදු දහමට අපරාධ කළ, කරන සියලු දෙනාටම මේවා හොඳම පාඩම් හැදෙනවා නම්...

:       209       1

Mahee Tuesday, 02 July 2019 08:15 PM

දප්පුල ද ලිවේරා නීතිපති තුමාට අපේ ප්‍රණාමය!

:       45       0

rasika Tuesday, 02 July 2019 10:54 PM

දූෂිත දේශපාලකයන් පත් කරන්නේ දූෂිත නිලදාරීන්. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන සේවයත් දූෂිතයි. ඒ දූෂිත දේශපාලකයන් පත් කරන්නේ දූෂිත ඡන්ද දායකය. ලංකාවේ ඡන්ද දායක ඉතාමත් දූෂිතයි. ඉතින් මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යාම තම දූෂිත පාර්ලිමේන්තුවේ පම වගකීම. මොකද එහෙම නොවුනොත් දූෂිතයන්ට ඕන විදියට මෙරට , මහජන දේපොළ මංකොල්ල කන්න බැරි වෙනවා.

:       0       0

චමින්ද Wednesday, 03 July 2019 01:32 AM

මම හිතුවෙ නැහැ ඔච්චර විනාශයක් වේවි කියල. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් කියන කථාවක්ද ඒක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site