IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හේමසිරිට - පූජිතට එරෙහිව සීඅයිඩීයෙන් පරීක්ෂණයක්

ඇන්තනි ඩේවිඩ් (සන්ඩේ ටයිම්ස්)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ජේ.ටී.ඩී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණය පවත්වනු ලබන අතර  එය නීතිපති දප්පුලද ද ලිවේරා මහතාගේ උපදෙස් අනුව සිදුකෙරේ.

අයි.එස්. සංවිධානයේ සහාය ලබන මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා එම පරීක්ෂණය ආරම්භ කරන්නැයි උපදෙස් දී තිබේ.

කමිටු වාර්තාවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇතැයි දැනගන්නට ලැබේ.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න යන මහත්වරු ඇතුළත් වෙති.

එම කමිටුව සති දෙකක් තුළ අතුරු වාර්තාව ඉදිරිපත් කළ අතර අවසන් වාර්තාව ලබාදීම සඳහා ලබන 31 වැනිදා දක්වා කල් ඉල්ලා ඇත. 

 
055



අදහස් (17)

හේමසිරිට - පූජිතට එරෙහිව සීඅයිඩීයෙන් පරීක්ෂණයක්

indika Sunday, 19 May 2019 05:09 PM

එතකොට මේ ගැන දැනන් හිටිය ජනපති හා මහින්ද රාජපක්ෂට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිද?

:       0       0

Raveendra Sunday, 19 May 2019 05:13 PM

අනේ මන්දා මේ හාදයෝ දෙන්නව කාලෙකින් දැක්කේ... දඹදිවවත් ගියාද පිං රැස්කර ගන්න?

:       0       0

Chanak los angeles Sunday, 19 May 2019 05:20 PM

තවමත් කරන්නේ බොරුව.. පරීක්ෂණ පවත්වන්න ඕනේ මහා එක්කෙනාට විරුද්ධවයි. මහා එක්කෙනා හැමදාම කලේ තමාගේ සියලු වරදවල් අනුන්ගේ කරේ ගැසීමයි.

:       0       0

d.upul Sunday, 19 May 2019 06:56 PM

මිටි තැනින් වතුර බහී වගේ.

:       0       1

Perakum Monday, 20 May 2019 05:03 AM

මේ දෙන්න බිල්ලට දුන්නම ජනාධිපති අගමැති නිදොස් කොට නිදහස් කරන්න පුළුවනි නේද?

:       0       148

අනුර Monday, 20 May 2019 05:15 AM

පොලිස් ඉතිහාසයේ සිටිය අදක්ෂ ම ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පොලිස්පති වරයා මොහුයි. ගෞරවයක් ඇති පොලිසියක් පිහිටුවීම සඳහා කෙසේ හෝ මොහු පන්නා දැමිය යුතුමයි.

:       164       345

Sanath Monday, 20 May 2019 06:13 AM

පරීක්ෂණ ආරම්භ කලා කියන්නේ කොහේ හෝ රටක තානාපති තනතුරක් දෙන්න හදනවා ඇති .......

:       0       267

siri Monday, 20 May 2019 08:23 AM

ඕකත් හරියට පුස්ස බින්දා වගේ තමා. කෙහෙතගේ අපලය "අද නොවේ හෙට" වගේ තමා ඕකත්.

:       0       0

Nimal Monday, 20 May 2019 08:39 AM

ඇයි ඒ දෙන්නා විතරක්?

:       0       1

Athula Monday, 20 May 2019 09:31 AM

ඔය තනතුරු 77න් පස්සේ නිකම්ම දේශපාලන අතකොලු කලේ කවුද? ඒ වගේ ඵලවිපාක අපි අද භුක්ති විඳිනවා. ඔය පොලිස්පති ඉතා දක්ෂයෙක්... ඔවුන්ට මහින්ගේ සපත්තුවට යටවෙලා කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.

:       0       102

abaran Monday, 20 May 2019 11:06 AM

පූජිත් ජයසුන්දර කියන්නේ පොලිස්පති පදවියට පත්වුණු තවත් නිලධාරියෙක් පමණයි. ඔය පුපුරපු බෝම්බවලට ඔහු වගකිවයුතු නම් මීට කලින් දහස් ගණනක් පුපුරපු බෝම්බවලට ඒ කාලවල හිටපු පොලිස්පතිවරු වග කියන්ට ඕනෑ නේද? ඊටත් වඩා ඔහුගෙන් පසු පත් වූ අලුත් වැඩ බලන පොලිස්පතිට පුත්තලම සිට මිනුවන්ගොඩ දක්වා වූ දේශපාලකයින් විසින් සංවිධානය කළ කෝලාහල නවත්වන්නට හැකි වුනාද? මෙතැනදී අපි සැවොම නොදන්නා ඉතා ප්‍රබල අභිරහසක් තියෙනවා. මම දකින විදියට පක්ෂ විපක්ෂ වල සිටිනා ඉහළ පෙලේ දේශපාලකයින් සැවොම බෝම්බ පිපිරීමට පෙර දැන සිටියා විය හැකියි.

:       25       85

RONAH Monday, 20 May 2019 04:03 PM

මේ පොලිස්පති අවුරුදු 33කට වැඩි කාලයක් ඉතා හොඳින් රාජකාරි කළ අති දක්ෂ නිලදරුවෙක්... කුරුණෑගලින් පුපුරන ද්‍රව්‍ය කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක් ලොරියක් සමග අත්අඩංගුවට ගත්තා මතක ද...? 2015වෙන් පස්සේ මේ දෙමුහුන් ආණ්ඩුව මොනවද කලේ? කාටද වැඩ කරන්න දුන්නේ? එක දවසක් මතකද දේශපාලකයෙක් පොලිස්පතිට දුරකථනයෙන් නියෝග දුන්නා මහජනයා හොඳින් දුටුවා.. එම නිසා මම කියනවා මේ පොලිස්පතිට වැඩ කරන්න රටේ නායකයාගේ ඉඳන් සියලු දේශපාලකයෝ වැඩ කරන්න දුන්නේ නෑ. දැන් සියලු දෙනා මේ ප්‍රශ්නයෙන් බේරෙන්න පොලිස්පතිගේ අගේ සියලු කුණු දානවා.. කවදා හෝ සත්‍යය ජය ගනීවි.

:       0       0

isuru Monday, 20 May 2019 04:06 PM

මේ කමිටුව හරියට හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩක් වගෙයි.

:       0       0

kanthi Monday, 20 May 2019 04:09 PM

දී කිරි වලට බළලුත් සාක්කිලු...... ..ජනාධිපති පත්කළ කොමිටිවේ තින්න්දු ගැන මොන කතා ද ...?

:       0       0

kalinda Monday, 20 May 2019 04:10 PM

සත්‍ය අද හෙට නොව කවදා හෝ ජය ගනීවි

:       0       0

thilak Monday, 20 May 2019 04:30 PM

2020 න් පසුව සත්‍ය එලි දකීවි එවිට අපි බලා ඉමු ද ...?

:       0       0

shan Tuesday, 21 May 2019 05:34 AM

මම ඔබතුමාලා දෙන්නගෙන් ඉල්ලනේ එකම දෙයයි ඒ තමා එදා එම විනාසකාරී සිදුවීම නවත්වන්න කටයුතු කරන්න ඔබතුමාලට තිබුන බාදකය හා එය ඉවත් කිරීමට බලය තිබු පුත්ගලයන් රට ඉදිරියේ හෙලි කරන්න රැකියාව ගැන නොසිතන්න. කිසිම කෙනෙක් කල වරදක් වසන් නොකරන්න තමන්ගේ නිර්දොසීබව රටට හෙළි කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site