IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හම්බන්තොට වරායේ ගල ගැන හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි

(රෝෂන් තුෂාර සහ බුද්ධික කුමාරසිරි)

හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරයක් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි දෙකක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු වරාය අමාත්‍යය රෝහිත අබේයගුණවර්ධන මහතාගෙන් සති දෙකක් ඇතුළත ප්‍රකාශයක් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රහස් පොලිසියට  නියෝග කළේය.

හම්බන්තොට වරායේ කළුගල් ඉවත් කිරීම සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දෙන බවට පවසා එවකට හිටපු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි කියන පුද්ගලයකුට එරෙහිව රහස් පොලිසිය සිදු කරන විමර්ශනය කැඳවූූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරය පෙන්වා මුදල් වංචා කිරීම පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූයේදැයි බලවත් සැකයක් මතුවන බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අම්බලන්ගොඩ ගාමිණී රත්න කුමාර නමැති ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී තුෂාර දර්ශන සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් සිදු කිරීම සහ 1990 අංක 02 දරණ ණය පහසුකම් අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පණතේ 25 වගන්තිය යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බවය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නුවන් ජයවර්ධන හා නීතිඥ දසුන් පෙරේරා මහත්වරුන් කරුණු දක්වමින් මෙම ගනුදෙනුව පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක විය හැකි හැකි බවත්,ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර කරුණු අනාවරණය කර කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

පැමිණිලිකරුගෙන් මුදල් ලබා ගැනීමට පෙර හම්බන්තොට වරායට රැගෙන ගොස් ,වරායේ වාහන භාවිතා කරමින් පැමිණිලිකරුව වරාය තුළ නිරීක්‍ෂණ චාරිකාවක රැගෙන යාම තුළ යම් බල අධිකාරියක් ක්‍රියාත්මක වී ඇති බවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන දියත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

 



අදහස් (10)

හම්බන්තොට වරායේ ගල ගැන හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි

C.K.Lankaputhra Friday, 19 September 2025 07:11 AM

හරි, උන්නැහේටත් බඩු පැක්වෙයි වගේ.

:       20       30

අරවින්ද මොණරවිල Friday, 19 September 2025 08:28 AM

රෝහිතට කලින් දයාසිරි ගලට වැඩේ දුන්නද දන්නේ නැහැ ?

:       17       31

Perera Friday, 19 September 2025 08:57 AM

හම්බන්තොට ගලා වගේද තංගල්ලේ ගලා?”

:       14       15

චින්තක Friday, 19 September 2025 09:30 AM

මේ ලෝකෝත්තර හොරෙක්, පුදුමයි මෙච්චර දවසක් එළියේ හිටපු එක

:       30       41

දලුවගෙදර Friday, 19 September 2025 10:15 AM

පසුගිය රජයන් යටතේ නීතියට යටත් කලේ පොඩි මිනිසුන් පමනක්මයි. දැන් තමයි ලොක්කන්ගෙ නඩු! අපි සාධරණය බලා සිටිමු!

:       6       33

සංඛා Friday, 19 September 2025 11:22 AM

පසුගිය වසර 20 තුළ අපේ රට පාලනය කෙරුවේ තක්කඩියන් විසින් වන අතර ඔවුන් කිඹුල් කඳුළු හෙළමින් සිටිති. ඔවුන් සියල්ලෝම රට කොල්ල කෑහ. ඔවුන් රට කොල්ලකන විට ඔවුන් එකට සිටිති. මෙම ඉහළ පෙළේ තක්කඩියන් තුරන් කිරීමට AKD රජය අද උපරිම උත්සාහයක් දරයි. ජනතාව අත්වැල් බැඳගෙන AKD රජයට සහාය දිය යුතුයි.

:       6       20

සමන් විමල්Friday, 19 September 2025 01:39 PM

හොර ඔප්පු, කන්ටේනර් ,ගල් අගුරු,ඇතුලු AKD ලාගේ ගැහිලි ඩෝබිලාට පෙන්නේම නෑනේ.

:       6       2

wedage Friday, 19 September 2025 01:18 PM

දයාසිරි කලුගලට වැඩේ දුන්නද දන්නේ නෑනේ... මොකද දයාසිරිත් ඕකට සම්බන්ධයි.

:       0       6

අරුණි Friday, 19 September 2025 01:32 PM

දැන් මේ රැවටිලි වැඩ වලින් වැඩක් නෑ. ඉතිරි කරපු සල්ලි වලින් පුලුවන් නම් අපේ ගෙදර කුස්සියට, ශීතකරනයට බඩු ටිකක් ගෙනැල්ලා දාන්න...

:       6       2

අරුණි Friday, 19 September 2025 01:35 PM

රජයේ අයගෙන් විතරක් ප්‍රශ්න නොකරන එකනේ පුදුමේ. ඒත් කන්ටේනර් වලින් තමයි හොර බඩු සහ මත්ද්‍රව්‍ය රටට එන්නේ...

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31452 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11051 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site