IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන සීඅයිඩියෙන් විමර්ශනයක්

 

යහපාලන ආණ්ඩුව සමයේ දී මතභේදයට තුඩු දුන් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

ඇමෙරිකානු ඩොලර් බිලියන 3.85ක ආසන්න වශයෙන් (රුපියල් බිලියන 700ක්) වටිනාකමකින් යුතු එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනය කෙරුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී ය. ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යාංශයට එම ව්‍යාපෘතියෙන් 30% ක කොටස් අයිතිය හිමිවන බවද ප්‍රකාශ විය.

 

ඕමානයට එම ව්‍යාපෘතියේ කොටස් හිමි නොවන බවත් සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල්’ නමැති සමාගමකට අදාළ ව්‍යාපෘතියේ කොටස් හිමි බවත් පසුව වාර්තා විය.

 

‘සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල්’ සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනාගෙන් තිදෙනකු ඉන්දියාවේ ඩී.එම්.කේ. පක්ෂයේ මතභේදාත්මක දේශපාලනඥයකු වන එස්. ජගත්‍රාක්ෂකාන්ගේ පුතා, දියණිය සහ බිරිඳ බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.

 

මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර සිය ගණනක ඉඩම් වෙන් කළ අතර තවමත් පරිසර බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර නැත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් කිසිදු ආයෝජනයක් ලැබී නැතැයි ද වාර්තා වේ.

 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන් තොරතුරු විමසීමක් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව පවසමින් ආයෝජන මණ්ඩලය තොරතුරු ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය.

 

සන්ඩේ ටයිම්ස්

(055)



අදහස් (1)

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන සීඅයිඩියෙන් විමර්ශනයක්

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 26 July 2020 11:59 PM

අපේ රටේ වැඩක් අපට කර ගන්නට බැරි තත්වයක් උදා කොට සිටින දේශපාලනඥයන් බොහොම කැමති දෙයක් තමයි පිටරට කම්පැනියක ට ඒවා දීලා සැනසෙන එක. මෙයට හේතුව හැටියට අප හට සිටීමට හැකි වන්නේ, මේ ව්‍යාපාර පැවරීම තුළ තිබෙන කොමිස් කුට්ටි මුදල් වලට ඇති කෑදරකම බවයි. මේ රටේ තේ ඇතුළු අපනයන බෝග වලින් වැඩි ලාභයක් ගන්නේ ඇතැම් සමාගම්. මේ ව්‍යාපාර කොට එයින් අමතර ලාභයක් මහා භාණ්ඩාගාරයට ගන්නේ නම්, එය රටේ දියුණුවට හේතුවේ. එහෙත් මේ රටේ බොහෝ දේශපාලනඥයන් හිතන්නේ තමන්ගේ බඩගෝස්තරය මිසක් රට ගැන නොවේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site