IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට

(තිලකරත්න දිසානායක)

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.

ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පිටවෙලගෙදර රත්නායක මුදියන්සේලාගේ කසුන් ප්‍රසාද් රත්නායක නමැති 29 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

යතුරුපැදියෙහි ගමන්ගත් අය යතුරු පැදියෙන් බැස ඒ අසල නැවතී සිටියදී මෝටර් රථයෙහි ගැටී ඇති අතර ගම්පහ රෝහල වෙත රැගෙන යනවිට මිය ගොස් ඇත.

මෝටර් රථය පැදවූ තැනැත්තා යුධ හමුදාවෙහි නිලධාරියකු වන බවත් ඔහු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

 



අදහස් (1)

හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට

sarath Saturday, 28 September 2024 12:44 PM

හමුදාවල හා පොලිසියේ නිලධාරීන් වාහන භාවිතාකරන ආකාරයත්, ඒ අයගෙන් ඇතැමුන් අවිනිතව රියපැදවීම පිළිබඳවත් අධික්ෂණය කිරීම අතවශ්‍ය කටයුත්තක් බව නව ජනාධිපතිතුමා හා විජිත හේරත් ඇමැති තුමාගේ අවධානයට යොමුකරමි....!

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site