IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


‘හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු‘

උද්භිත  විද්‍යාත්මික  ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන  වල්ලාපට්ට ශාකයේ  ආර්ථීක වටිනාකමක් ඇත්තේ  රෝගී ශාඛවල පමණක් බවත්  නිරෝගී ශාඛ කපා  විනාශ කිරීම මහත් අපරාධයක් බවත්  මෙරට ප්‍රකට කෘෂි විද්‍යාඥයකු වන පියල් මාරසිංහ මහතා පවසයි.

 වල්ලපට්ටා ශාකයේ  කඳට දිලීර  ආක්‍රමණයක් මගින්  එහි වන ස්වාභාවික  රසායනික සංයෝගය සහිත  රෙසිනය  සහිත ශාක පමණක් ආර්ථීක වටිනාකමකින්  යුක්ත බව ඔවුහු කියති.

ඉවක් බවක් නොමැතිව  කැලෑවල ඇති වල්ලපට්ටා  ශාක  විනාශ කිරීම සුලභව සිදු කරන බවත් මෙය වහා නතර කළ යුතු බවත් ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ  තෙත් හා අතර මැදි  භූගෝලීය  කළාප තුල  වල්ලපට්ට ශාකය සුලභව වැවේ.

නියමාකාරයෙන් දිලීර  ආක්‍රමණය කැර ඇති  රෝගී වල්ලාපට්ට කිලෝවක වෙළෙඳ පොළ වටිනාකම රුපියල්  ලක්ෂ 125 ක්  පමණ වන බව ඔහු කියයි.

මේ වල්ලපට්ට ශාක පහසුවෙන්  වගා කළ හැකි බව පෙන්වා දෙන මාරසිංහ මහතා පවසන්නේ රජය මෙම කටයුත්තට මැදිහත් වන්නේ නම් වල්ලාපට්ටා වගා කැර  සෘජුවම ආනයනය කිරීමෙන්  රට සල්ලි උපයාගත හැකි බවයි.

මිල අධික සුවඳ විලවුන්  නිශ්පාදනයට වල්ලපට්ටා රෙසිනය (දුම්මල) යොදා ගැනේ.

 



අදහස් (0)

‘හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු‘

කාන්ති Tuesday, 21 January 2014 11:11 PM

වගාවන් සදහා මෙම ශාකය ලබාගන්නේ කොහොමද? (නදී)

:       0       0

ජෝයි ඩයස් Tuesday, 21 January 2014 11:59 PM

මේ ශාඛය ලෙඩ කරන හෑටි අත්හදා බලන්නත් එක්ක රසායනික පෝර පාරක් දාලා බලන්න ශ්‍රියානි. නෑත්නම් රජරට වතුර පාරක් දාන්න. (නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 22 January 2014 01:02 AM

මට කතාකරන්න කරන හැටි කියා දෙන්න 00393280485356. රන්ජිත් . (නදී)

:       0       0

ලොකු Friday, 24 January 2014 05:42 AM

පියල් මාරසිංහ මහත්මයාණනි , කරුණ කරලා මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන පුලුවන්ද ?හැමෝම ප්‍රසිද්දියේ ලියන (අ)

:       0       0

ශාන් Wednesday, 22 January 2014 01:34 AM

රජයෙන් මේක කරන්න ගියොත් වැඩ කරන අය රජයෙන් පඩි අරගෙන හොඳ පලදාව හොරට විකුනනවා. හොඳම දේ තමයි පුද්ගලික අංශය හෝ ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කරලා අවශ්‍ය තාක්ෂණය ලබා දුන්නනම් ගොඩක් අය අතරේ අදායම බෙදිලා යනවා වගේම නිෂ්පාදනයත් වැඩි කරගන්න පුළුවන්.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 22 January 2014 03:51 AM

කරදමුන්ගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි.ඉගුරුපියලි.කොත්තමල්ලි.චුන්පූග.නාගවල්ලි.වල්ල පට්ටා. මෙවා අපි වගාකරලා පිටරටවල් වලට යවල සල්ලි හොයමුකෝ..........// (නදී)

:       0       0

චින්තක බණ්ඩාර Tuesday, 21 January 2014 04:02 PM

මම නම් හිතන්නේ නැහැ ලක්ෂ 125 වෙයි කියලා වල්ලපට්ට කිලෝ එකක්. වැරදිලා වත්ද? (නදී)

:       0       0

නි න ගමගේ Tuesday, 21 January 2014 04:19 PM

කිලෝවක් ලක්ෂ 125 ක් රත්තරන්ද ගණන් වල්ලපට්ටාද? කමක් නෑ මේ විදිහට හරි කියලා වැ‍ඩෙ නවතිනව නම්. ඔහොම කිවිවට ගෙනත් දෙනවා නමි ඔන පට්ටයක් ගන්න ගැනුම් කාරයෝත් ඉන්නවනේ.(නදී)

:       0       0

බන්දුල Tuesday, 21 January 2014 04:26 PM

දැන් ඉතින් අපේ අය එළවලු වගාව නවත්තල රට පුරාම වල්ලපට්ට වවල ටොන් එකක් රුපියල් 125 කටවත් දෙන්න බැරි වෙයි (දී)

:       0       0

චමින්ද Wednesday, 22 January 2014 09:11 AM

හෙට අනිද්දා වෙනකොට නිකන්ම රුපියල් 125 වෙනවා. කමක් නැහැ.වවලා බලමු. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 21 January 2014 05:25 PM

පට්ට ඇමති කෙනෙක් පත් කරලා හරි වැඩේ වැඩේ පටන් ගමු. ඒක ජෝන් අමරතුංගට දෙමු.(නදී)

:       0       0

ධමින් ගුණසේන Tuesday, 21 January 2014 05:36 PM

හොරෙන් කපන එක නවත්වන්න ලේසි නැහැ. (නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 22 January 2014 10:00 AM

මිල නිසා හොරෙන් කපන එක වැඩිවෙන්නවා නේද? මිනිස්සු බල්ලෝ මරලහරි සල්ලි හොයන කාලයක් මේක. වැඩපිළිවලක් ඕනේ මේ වගේ දවල් වලට. (නදී)

:       0       0

නුවන් Tuesday, 21 January 2014 06:05 PM

අනේ ඔව් රජය ඔය කාර්යට අත ගහවි මෙන්න කියලා. ඔය මහපරිමනෙන් ගස් ටික කපන්නේ කව්ද කියල මිනිස්සු දන්නවා. (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Tuesday, 21 January 2014 06:07 PM

මේ නම අර ඉන්දියාවේ හිටපු දේශපාලකයෙකුවන වල්ලභෛ පට්ටේල්ගේ නමට සම්බන්ධ එකක්ද? (නදී)

:       0       0

අමිල Wednesday, 22 January 2014 07:29 PM

මම මේ ගහ ගැන හොයනවා. හඳුනාගන්න හැටි කියනවද? (නදී)

:       0       0

ජී ශිරාණි Tuesday, 21 January 2014 07:48 PM

කවුරු හරි විශේෂඥයෙක් කියනවද මේ වල්ල ගස්වල දුම්මල හැදෙන්න මොකද කරන්න ඕනා කියලා.(නදී)

:       0       0

ලෙස්ලි‍ Tuesday, 10 May 2016 04:08 PM

ඉතා වැදගත් කරුණු ඇතුළත් ලිපියක් (නි)

:       0       0

පාරා Tuesday, 21 January 2014 08:00 PM

රජය මෙම ක්‍රමය අනුගමන කරන්න. ඒ මහතා කියන කාරණය අවබෝද කරගෙන, බොරු වට පොලිසියේ කාලය නාස්ති නොකර, මර්ජුවානා, අසිස්, හෙරොයින් වගේ දේවල් වලට වඩා, හොද දෙයක් කර මිනිසුන් පොහොසත් කිරීමයි තේරුම් ගත යුත්තේ. (නදී)

:       0       0

ගයන් Wednesday, 22 January 2014 01:17 PM

හරියට කලොත් මේක හොඳ වැඩක්. හැබැයි තායිලන්තයේ වල්ලා පට්ටා වගා කරන වැඩසටහනකට ආයෝජනය කරපු ටච් වූඩ් එක වහන්න යන්නේ. මිලියන ගණන් ඉන්වෙස්ට් කරපු අය අද අමාරුවේ. ගස් හිටවන එක හොද වැඩක්. හැබැයි හොරුන්ට රැවටෙන්න එපා. (නදී)

:       0       0

ජී ශිරාණි Tuesday, 21 January 2014 09:16 PM

රජයම කරනකං ඉන්නේ නැතිව. ඇයි මිනිස්සුන්ට බැරි ගස් ටිකක් හිටවගන්න. මට තියෙන ප්‍රශ්නය කොහොමද මේ වායේ දුම්මල හැදෙන්න ගහ රෝගී කරන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් ඒක කියන්න. මම ගස්ටිකක් දැනටම හිටවල තියෙනවා.(නදී)

:       0       0

චින්වී Tuesday, 21 January 2014 09:58 PM

ශිරාණි, මේ ගස රෝගී කරන්න එයට වයස වසර 4ක් 5 ක් වත් වෙනකම් ඉන්න ඕනා. නැත්නම් ගහ මැරෙන්න පුළුවන්. ඉන් පසු වැහි කාලයේ දී ගහේ තැන තැන ඩ්‍රිල් එකකින් සිදුරු කර ස්වභාවිකව දිලිර ඇතුළු වීමට ඉඩ හරින්න. එසේත් නැත්නම් ගහේ පිට පොත්තේ හැදෙන දිලිර සුරා ජලයේ දියකර සිදුරු වලින් ඇතුල් කරලා බලන්න. ඊට අමතරව ගහේ යකඩ කුරු විදීම , තැන තැන පොරෝ පහර දීම , කඳට පරාල ඇන ගහන එකත් සමහර රටවල කරනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 278 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 992 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 524 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1363 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 603 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3331 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1293 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site