IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හඳගමගේ "ඇගේ ඇස අග" විශේෂ ප්‍රදර්ශනය

20160511Let-4පසුගියදා අප්‍රේල් 27 වැනිදා තරංගනී සිනමාහලේ පැවති ප්‍රථම මාධ්‍ය ප්‍රදර්ශනය සමග ක්‍ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක උණුසුම් කතාබහකට ලක්වූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගමගේ අලුත්ම සිනමා නිර්මාණය "ඇගේ ඇස් අග" ලබන 13 වැනි සිකුරාදා සිට ඊගල් ඇතුළු නගරයේ ප්‍රධාන සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරඹේ. ප්‍රදර්ශනය දින 25 කට පමණක් සීමාවන "ඇගේ ඇස අග" හඳගමගේ අටවැනි චිත්‍රපටයයි.

හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි ස්වර්ණා මල්ලවාරච්චි දශක දෙකකට පසු ප්‍රධාන චරිත රංගනයෙන් ප්‍රේක්‍ෂකයා වෙතට එන මෙම චිත්‍රපටයේ ප්‍රකට බෙංගාලි නළු ද්‍රිතිමාන් චැටර්ජි සමග තිරයට හඳුන්වා දෙන නිළි රීතිකා කොඩිතුවක්කු හා සඳලි ඈෂ් අවශේෂ චරිත පණගන්වති.

චන්න දේශප්‍රියගේ කැමරාකරණයෙන්ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්ද, දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද, උපුල් චමිල කලා අධ්‍යක්ෂණයෙන්ද, පූර්ණිමා මුහන්දිරම් ඇඳුම් නිර්මාණයෙන්ද ඔප් නැංවෙන ඇගේ ඇස අග සිළුමිණ ෆිල්ම්ස් වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි.

මැයි 13 වැනිදා කොළඹ ඊගල් සිනමාහලේ පස්වරු 6.30 දර්ශනය කලාකරුවන් සමග සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ටද නැරඹිය හැකි බව ඇගේ ඇස අග තිර නාටක රචක හා අධ්‍යක්‍ෂක අශෝක හඳගම  පැවසීය.

සටහන - පද්මකුමා පී. මෙත්තසේන


20160511Let-1 20160511Let-2 20160511Let-3



අදහස් (0)

හඳගමගේ "ඇගේ ඇස අග" විශේෂ ප්‍රදර්ශනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site