මධ්‍යම පළාතේ වැසි වනාන්තර කඳු වැටියක් වන සුන්දර හන්තාන ආක්‍රමණශීලි ශාඛයන්ගෙන් සහ ෆයිනස් වගාව හේතුවෙන් දේශීය ශාක වඳ වී ගොස් මුඩු පතනක් බවට පත්ව ඇත. කඳු වැටියෙන් ගලා ආ දිය ඇලි සහ ජල උල්පත් සිඳීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව තේරුම් ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ “රෝටරැක් සමාජයේ” මෙහෙයවීමෙන් ජල පෝෂක ප්‍රදේශවල ආවේනික දේශීය පලතුරු පැල රෝපණය කැරිණි.
රුක් රෝපණ ව්‍යාපෘතියට කැලණිය , මොරටුව , ජයවර්ධනපුර , පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල සිසුහු එක්වූහ. අඹ , කොස් , කටුඅනෝදා , ඇබිල්ල වැනි පලතුරු පැල තුන්සීයක් පමණ රැගත් සිසුහු 150ක් පමණ හන්තාන කන්ද තරණය කර පැල සිටුවීම සිදු කළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හන්තාන රකින්න සරසවි සිසුහු පෙරමුණ ගනිති
දුෂ්මන්ත Tuesday, 10 May 2016 09:12 AM
මෙන්න නවක වදය දෙනවෝ.. අපේ බදු සල්ලි නාස්ති කරනවෝ...(බ)
සදිසා Tuesday, 10 May 2016 09:20 AM
නවක වධය වෙනුවෙන් මෙම ක්‍රියාවේ නවකයින් යෙදවීම වඩාත් යෝග්‍යයි! (බ)
නදී Tuesday, 10 May 2016 09:51 AM
මෙය නවකවදයනම් කවුරුත් නවක වදයට එරෙහි නොවනු ඇත. නොදන්නා දේ කතා නොකර සිටීම හොඳය. මෙය ළමයින්ගේ සමාජයකි. ඔවුන් නවක වාදයෙන් ඈත් කරන තෝතැන්නකි. යහපත් දේ ගැන යහපත් ඇහෙන් බලන්නට නුවණැස පහල වේවා.! (ර)
ඇන්ජෙලෝ Tuesday, 10 May 2016 10:01 AM
මට හරිම සන්තෝෂයි. (ර)
අනුර Tuesday, 10 May 2016 10:08 AM
මේ අපේ රටේ අනාගතය අපේ දරුවන් දේශපාලන සටන් වලට නොයා මෙවැනි දේ ඉතා අගනේය. (ර)
ඉමේෂ් Tuesday, 10 May 2016 06:05 AM
අනේ ඔයාලට බැරිද කොළඹත් ඔයවගේ ගස් ටිකක් වවල දෙන්න? ගිනි කාස්ටකෙට අව්වයි කොළඹත්. (ර)
නිශාන්ත Tuesday, 10 May 2016 06:10 AM
දරුවනි ඔබ ගැන හරිම ආඩම්බරයි. (ර)
උපාලි Tuesday, 10 May 2016 06:25 AM
අගෙයි. ඔන්න ඔහොම දේවල් කරනකොට අර හැම එකටම කරන උද්ඝෝෂණ නිසා අපේ හිතේ ඇතිවන කලකිරීම නැතුව යනවා. (ර)
මනෝජ් Tuesday, 10 May 2016 06:33 AM
මෙන්න නවක වාදය දෙන අයට ආදර්ශමත් වැඩක්. පළමු වසරේ සහෝදර සහෝදරියන් සමග මෙවැනි දෙයක් කරන්නේනම් කොතරම් අගේද.? (ර)
සේන Tuesday, 10 May 2016 06:43 AM
ළමයි උනාම මෙවානේ කරන්න ඕන වැඩ. (ර)
රණසිංහ Tuesday, 10 May 2016 07:44 AM
ඔන්න ආදර්ශමත් වැඩක් කලා රටේ හැම කෙනාම ඔහොම හිතනවා නම් කොච්චර හොඳයි ද ? (ම)
ඉසුරන්දි Tuesday, 10 May 2016 07:44 AM
රටේ මිනිසුන්ට ගහක් කොලක් වවන්න පුරුදු කරන්න ඕනේ. මම හරිම ආශාකරන දෙයක් තමයි ගහක් වවල එයින් ලැබෙන පලදාව දැකල තෘප්තියක් විදින්න. මම ඉන්නේ නගරෙට ආසන්න පෙදෙසක. මගේ ගෙවත්තේ භුමිය පර්චස් 17යි . එකේ කොස් පොල් අඹ දෙළුම් තැඹිලි කටුකුරුදු වෙරළු කෙසෙල් පේර කටු අනෝද දෙහි කරපිංචා තියෙනවා. කිහිප වතාවක්ම පලදාව නෙළුවා. ඒවා බලල ගතට සිතට දැනෙන්නේ පුදුම සතුටක්. (ර)