IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘හදිසි නීතිය දීර්ඝ කරන්නේ අවසන් වතාවටයි’

(විනීතා එම් ගමගේ)

හදිසි නීතිය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ සිදුවන්නේ අවසන් වතාවට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා එසේ කීවේ මෙම පුවත්පත් සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයා වශයෙනි.

රට නැවත සාමකාමී මට්ටමකට පැමිණ ඇතැයි ආරක්ෂක අංශ මේ වනවිට දන්වා ඇතැයි කී අමරවීර මහතා තවදුරටත් මේ වතාවේ හදිසි නීතිය දීර්ඝ කරන්නේ තානාපති කාර්යාල හා සමහර පාසල්වලින් කර ඇති ඉල්ලීමක් නිසා යැයි ද කියා සිටියේය.

කෙසේ වෙතත් ආරක්ෂාව ගැන ඇති අවධානය කිසිසේත්ම අඩු නොකරනු ඇතැයි කී අමරවීර මහතා ආරක්ෂක අංශ ඒ පිළිබඳ අවධාරණය කර ඇතැයි ද සඳහන් කළේය.

මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (20) පැවැති පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (11)

‘හදිසි නීතිය දීර්ඝ කරන්නේ අවසන් වතාවටයි’

ravi Thursday, 20 June 2019 08:48 AM

ලෝකයේ හැම රටකම ක්‍රියාත්මක වෙන " ත්‍රස්තවාදී හදිසි නීතිය " ඇයි අපේ රටේ පමණක් මේ තරම් ඉක්මනින් නිමාවට පත්කළයුතු ? ඒ වෙනුවෙන් කලයුතු හැමදෙයක්ම කොරල හමාරද ? එහෙමත් නැත්තම් " ත්‍රස්තවාදියෝ " කියන්නෙත් ... " දේශපාලකයින්ට නිසාමද ..?

:       12       160

Nissanka Thursday, 20 June 2019 10:45 AM

එතකොට හදිසි නිතිය යටතේ අත්අඩංගුවේ ඉන්න හැමෝම නිදහස් කරනවාද? බුර්කාව තහනම ඉවත් කරනවද? ඊට කලින් බුර්කාව තහනම් කරන්න නීතියක් ගෙන්න.

:       82       670

සේන Thursday, 20 June 2019 11:00 AM

මොන නීතිය හරි දමාගෙන ඔය අන්තවාදයයි, ත්‍රස්තවාදයයි ඉවරයක්ම කරලා දාන්න මහත්තයෝ. නීත්‍යානුකූල සාමාන්‍ය ජනතාව නීතිවලට එකඟයි

:       111       92

janahitha Thursday, 20 June 2019 12:32 PM

‍ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේ දී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ ..........

:       0       30

kamal Thursday, 20 June 2019 12:38 PM

පර්යේෂණ ඉවර කරලා වගේ නේද ?

:       3       26

chandima Thursday, 20 June 2019 01:35 PM

ඒ කියන්නේ මෙතනින් හදිසි නිතිය නවතිනවද? නැතිනම් ඊළඟ වතාවේ හදිසි නිතිය දික්කරන්න වෙන කට්ටියක් එන ලකුණු තියෙනවද?

:       0       44

asitha Jayasuriya Thursday, 20 June 2019 02:07 PM

අපේ අවාසනාව..

:       0       7

de silva Thursday, 20 June 2019 05:41 PM

හදිසි නිතිය තිබුනට කමක් නැහැ. අපි වැරදි කරන්නේ නැති නිසා චෙක් පොයින්ට් වලදී පරික්ෂා කලාට බය වෙන්න අවශ්‍ය නැහැ, අපට වැදගත් වෙන්නේ රටේ ආරක්ෂාව. හදිසි නිතිය නෙමේ යුධ නිතිය හරි දමලා රට සහ පුරවැසි ජිවිත ත්‍රස්තවාදීන්ගෙන්, පාතාල මැරයන්ගෙන් ආරක්ෂා වෙනවානම් ලොකු දෙයක්

:       0       10

de silva Thursday, 20 June 2019 08:38 PM

මෙම හදිසි නිතිය නිසා හමුදාව එලියට බැහැල මහමග ආරක්ෂාව සලස්වන එක ලොකු දෙයක් එකෙන් ත්‍රස්තවාධින්ගෙන් ආරක්ෂාව පමණක් නොවේ , පාතාල ක්‍රියාකාරකම් , මත්කුඩු ජාවාරම් රාත්‍රියට මත්පැන් පානය කරලා වාහන පැදවීම , ඇමති පුතාල සහ දේශපාලකයන්ගේ ගෝලයෝ බීලා වාහන වලින් ගොස් මිනිස්සු යටකර යකා නැටීම වගේ දේවල් සැහෙන්න අඩු වෙලා තිබෙනවා, වැරදි කාරයෝ පොලිසියට බය නැහැ.

:       0       212

Nana Friday, 21 June 2019 02:38 AM

අපිට ඕන.. - ජනතාව

:       0       91

Ajith Nelson Friday, 21 June 2019 08:03 AM

මොකක්ද තිබෙන හදිස්සිය ඕක ඉවත් ක‍රන්න. දැන් රටේ ආරක්ෂක ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳලද? සරත් ෆොන්සේකා මහත්මය කියපු දේ ඉතාම තදින් සලකා බැලුවොත් තමයි හොඳ.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 841 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site