ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග පෞද්ගලික හේතුවක් මත නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකාරිත්වය සහ තේරීම් කමිටු නිලධාරීන් ඔහුට එම අවසරය දී නැතැයි වාර්තාවේ.
වමතින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවා හදිසියේම ශී‍්‍ර ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වී ඇත්තේ සිය ඥාතියකුගේ විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට බවද දැනගන්නට ඇත. එහෙත් කණ්ඩායම් කළමණාකාරිත්වය මෙන්ම තේරීම් කමිටු නිලධාරීන්ද එකහෙළාම පවසා ඇත්තේ තරගාවලියේ අවසන් තරග දක්වාම තරංග කණ්ඩායමේ රැඳී සිටිය යුතු බවයි.
මෙම එක්දින තරගාවලියේ පළමු තරග 3 ට සහභාගි වූ තරංග එහිදී ලබාගත්තේ ලකුණු 9 ක් පමණි. අනතුරුව තරංගගේ ස්ථානය ගත් මහේල ජයවර්ධන මේ දක්වා තරග 6 කදී ලකුණු 270 ක් ලබා සිටී.
සිකුරාදා පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 කින් පරාජය කිරීමත් සමගම කොමන්වෙල්ත් බැංකු එක්දින තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල ඉතාමත් ආසන්නව සිටී.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හදිසියේම සියරට එන්න කළ තරංගගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වේ