IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්

(සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය පොලිස්පති  ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කළ සුරේෂ් සලෙයි මහතා පසුගියදා එම තනතුරින් විශ්‍රාම ලැබුවේය.

ශ්‍රී ජයවර්ධන පුර  විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ධම්මික ප්‍රියන්ත මහතා සහකාර පොලිස්  අධිකාරිවරයකු ලෙස පොලිසියට මුලින්ම සම්බන්ධ විය. පොලිසියේ ඔහුගේ සේවා කාලය වසර විසි හතරකට වැඩිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති යනාදී තනතුරුවලද  ඔහු මීට පෙර කටයුතු කළේය.

අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන ධම්මික ප්‍රියන්ත මහතා අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාධාරියකු ද වෙයි. මූල්‍ය විශුද්ධිකරණය සහ  ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම නැවැත්වීම සම්බන්ධ ජාත්‍යන්තර තක්සේරුකරුවකු ලෙසද ඔහු කටයුතු කරයි. මහා බැංකු මූල්‍ය බුද්ධිය ඒකකයෙන් පිට එම කටයුතු කරන  එකම නිලධාරියා වන්නේද ඔහුය.

ප්‍රියන්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ  කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන්නේය. හෙතෙම  ගාල්ල ගොඩමුණ මහා විද්‍යාලය සහ  මතුගම සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර යන විද්‍යාලයන්හි ආදි සිසුවෙකි.

 

 

 


 



අදහස් (0)

හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site