
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී තුවාල සිදු කළ කළමනාකරු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට බත් සෙසු සැකකරුවන් අතර හෝටල් සේවකයෙක්ද වන බව පොලිසිය කියයි.පහර කෑ පුද්ගලයෙකු පානදුර මූලික රෝහල වෙතද ඇතුළත් කෙරිණි.
ව්‍යාපාර කටයුතුවල යෙදෙන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් බණ්ඩාරගම ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසට පැමිණ ඔවුන් පිරිස විනෝද වීම සඳහා අදාළ හෝටලය තෝරාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
හෝටලයේ නාන තටාකයට යාබද ස්ථානයක් ඒ සඳහා කලින්ම වෙන්කරවාගෙන තිබූූ අතර සවස් යාමේ පැමිණ තිබූ ඔවුන් රාත්‍රී අට පමණවන තෙක් එහි රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.
ඒ අතරතුරදි කළමනාකරු දන්නා අඳුනන පිරිසක් හෝටලය වෙත පැමිණ ඇති අතර ඔවුන්ටත් එම ස්ථානයම අවශ්‍ය වී ඇති අතර කළමනාකරු ඒ හේතුවෙන් අතුරුගිරියෙන් පැමිණි පිරිසට හෝටලයෙන් පිටව යන ලෙස දැනුම් දීී ඇත.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට
බකල ජයා Wednesday, 13 November 2024 07:48 PM
කන්න දීලා ගුටිත් කවන මේවගේ හෝටල් හරිම අඩුයි. ගානත් සැර ඇති.