IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ

(ගයාන් සූරිය ආරච්චි)

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන්  ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු  රාජකාරී විවේකයෙන් පසු නිවසට ගොස් කිරි පැකට්ටුවක් රැගෙන ඒම සඳහා නැවත නිට්ටඹුව නගරයට යතුරු පැදියකින්  ගමන් කරමින් සිටියදී තිහාරිය, වාරණ පාර ප්‍රදේශයේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරුපැදියේ  ගැටී ඇති බව පොලිසිය කියයි.

එහිදී දෙදෙනාගේම යතුරුපැදිවල  පැති කන්නාඩි ගැටී සුළු හානි සිදුව තිබූ බවත්  එහිදී ඇති වූ බහින්බස්වීමකින් පසු කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව පවසා ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව දෙදෙනාම වීරගුල පොලිසිය වෙත යමින් සිටියදී නැවතත් බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වී ඇති අතර  පසුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (5)

හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ

බූන්දි Monday, 30 September 2024 09:00 AM

අපේ රට ගොඩගන්න එන දේශපාලනඥයන්ගේ සහ නීතිය ආරක්ෂාකිරීමට බැඳී ඇති පොලීසියේ සාමාන්‍ය වැඩ දිනයක සිදුවීමක්. අපි හැමෝම මේ වගේ දේවල් ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕන.

:       0       20

නෙතට නුහුරු කඳුලු බිංදුMonday, 30 September 2024 11:18 AM

මෙහෙම ගහගන්න ඕනනං, දවසක්, වෙලාවක්, තැනක් වෙන්කරගෙන අපිටත් කියල වැඩේට බැස්සනම් නේද හොඳ? යාලුවන්ට කියල ටිකට් ගහලා, බලන්න පොඩි ගානක් ගත්තා නම් බයිසිකල් හදාගන්න ගාන හොයාගන්නත් පුළුවන්.

:       0       4

Perera Monday, 30 September 2024 09:53 AM

ප්‍රශනයක් විසඳාගන්න ගුටි බැට හුවමාරු කරගන්නේ ප්‍රශ්න විසඳා ගන්න තරම් බුද්ධියක් නැති සතුන් හා සමාන අය

:       1       12

Bunny Preena Monday, 30 September 2024 10:02 AM

වැරැද්ද පිළිගෙන නිහතමානීව සහ සාමකාමීව ප්‍රශ්නය විසඳගන්න බැරි උද්දඤ්ඤ කමින් පිරුණු මිනිසුන්

:       0       0

සෙනෙවිරත්න Monday, 30 September 2024 01:47 PM

මම නම් දරාගත හැකි පාඩුවක් වුණොත් හිනාවෙලා යනවා ඇරෙන්න පාරෙදි වන අත්වැරැදි හිතාමතා කරන දේවල් නොවෙයි, වැරැදි කල්පනා ඇතිව එනවා... අද කාලේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අනුව...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site