IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘හිටපු ජනපති-අගමැති වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නෑ’

(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත්  නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

එසේම වගඋත්තරකරුවන්ට විරෝධතා  ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙක් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වැනි දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පසුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීහු මෙම විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූහ.

 



අදහස් (10)

‘හිටපු ජනපති-අගමැති වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නෑ’

max Monday, 20 January 2020 08:52 AM

කොහොමත් මේ ජෝඩුව අවුරුදු 4ක් තිස්සේ කළ තකතීරු වැඩවලට වග කියන්න වෙන්නෙත් හුදී ජනතාව වන අපටම තමයි.

:       18       255

kamal Monday, 20 January 2020 09:26 AM

මේ ජෝඩුවම රටින් පිටුවහල් කළ යුතුයි.

:       30       265

kumari Monday, 20 January 2020 09:33 AM

පොළොන්නරුවේ සිටි ඉංග්‍රීසි අකුරක් බැරි, උසස් අධ්‍යාපනයක් නැති, සාමාන්‍ය මන්ත්‍රී වූ සිරිසේනට කැබිනට් ඇමැතිධුරයක් දුන්නේ චන්ද්‍රිකාය. පක්ෂ ලේකම් ධුරයට ඔසවා තැබුවේ චන්ද්‍රිකාය. අවසානයේ ජනාධිපති ධුරයටම ඔසවා තැබුවේද චන්ද්‍රිකාය. එහෙව් චන්ද්‍රිකාට සිරිසේන කළ ‘ප්‍රති උපකාරය’ නම් අපූරුයි.

:       2       460

beau Monday, 20 January 2020 09:36 AM

මේ පරදේශක්කරයා අපේ රට විනාශ කළා. ජීවිතයටම හිරේ දමා මරුණාම අපායට යැවිය යුතුයි.

:       44       132

Buddika Monday, 20 January 2020 09:48 AM

තුන් පැත්තම එකයි.

:       5       29

Mahesh Monday, 20 January 2020 09:56 AM

සිරිසේනලා තමයි පැහැදිලිව මේකට වගකිව යුත්තේ... ඔහුව කුදලාගෙන ඇවිත් ඇතුළට දැමිය යුතුයි. ඒ වගේම මහින්දානන්ද ඝාතනය කිරීම සැලසුම් කිරීමට රනිල්ව ඇතුළට දාන්න ඕනෑ.

:       134       352

Hafeel Monday, 20 January 2020 11:14 AM

මේ නඩුත් කල් දාලා තියන්නේ මැයි මාසයට... හරියට පහුගිය ආණ්ඩුවේ නඩු කල්දැම්මා වගේ...

:       6       84

මුණසිංහ Monday, 20 January 2020 11:17 AM

කළ හොඳ පස්සෙන් එළවනවා.

:       76       8

Vijitha Monday, 20 January 2020 01:25 PM

පූජිත් සහ හේමසිරි රිමාන්ඩ් එකේ සිටීම ගැන හරිම කණගාටුයි.. මේකට පැහැදිලිවම වග කියන්න ඕනෑ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ඇවිත් උඩ බලාගෙන ඈනුම් ඇරපු ගමරාලයි. තමන්ගේ වැරදි අනුන් පිටඇරලා එම මිනිස්සු හිරේ දුක්විඳිද්දී ගමරාලට නින්ද යන එක පුදුමයි..

:       6       165

සත්‍යපාල Monday, 20 January 2020 05:21 PM

කතාව නම් ඇත්ත. හරියට කැකිල්ලේ රජාගේ කාලේ වගේ?

:       0       78

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site