යුද හමුදාවෙන් පලා ගිය කොමාන්ඩෝ සෙබළකු විසින් මෙහෙයවන ලදැයි කියන පික්පොකට් කල්ලියක සිව් දෙනකු සමග කොමාන්ඩෝ සෙබළා ද අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
කකුලක් අහිමි ආබාධිත සැකකරුවකු බසයේ සිඟමන් යදින විට එම බස් රථයට ගොඩවන කොමාන්ඩෝ සෙබලා බ්ලේඩ් තල භාවිත කරමින් අත්බෑග්, කලිසම් සාක්කු කපා සල්ලි අදිය ගනිතියි කියති.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කොමාණ්ඩෝ භටයා පික්පොකට් කප්පිත්තෙක්
විජේ Tuesday, 03 December 2013 09:07 AM
අයියෝ රණවිරුවන්ටත් නින්දා කරන වැඩනේ කරන්නේ. රණවිරුවන්ට අපි නම් සළකන්නේ දේවත්වයෙන්. මොකද ඒ අය කළ කැපකිරීම් නිසා තමයි අපි අද බයක් නැතුව පාරේ බැහැලා යන්නේ. (නි)
උපාලි Tuesday, 03 December 2013 12:13 AM
හමුදාවේ දක්ෂකම් පෙන්නලා කප්පිත්තෙක් වෙන්න බැරි නිසා මෙහෙම හරි කප්පිත්තෙක් වුණා මදැයි. (නි)
කුමාරි Tuesday, 03 December 2013 09:20 AM
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. කොමාන්ඩෝ සෙබලෙක් වෙලා හිටපු ගෞරවනියත්වය එයාට මතක නැහැ (නදී)
අබ්දුල් Tuesday, 03 December 2013 01:04 AM
හමුදාවේ නමත් කනවා (නි)
දොඩන්ගොඩ Tuesday, 03 December 2013 01:22 AM
හිටපු කොමාන්ඩෝ භටයාට ජිවත් වීමට ආදායමක් නොතිබෙන්න ඇති. මොවුන් ගැන රජය ටිකක් සොයා බැලුවා නම් හොඳයි. කාලයක් රට වෙනුවෙන් සේවය කළා ඔවුන් (නි)
ඇන්ටන් Tuesday, 03 December 2013 01:37 AM
රණවිරුවකුගේ හපන්කම් (නි)
සත්‍යා Tuesday, 03 December 2013 03:09 AM
වර්තමාන ශ්‍රී ලංකාවේ අපරාධ උප සංස්කෘතිය ප්‍රධාන වශයෙන් පවත්වාගෙන එන්නේ හමුදාවෙන් පලා ආ සෙබළුන්. මීට ප්‍රධානම හේතුව යුද්ධය ජයග්‍රහණයෙන් පසු මේ රණවිරුවන්ව ඉවත දමා නොසළකා හැරීමයි. තමන්ට රජයෙන් යමක් නොලැබුනත් ජනතාවගෙන් ගෞරවනීය උපහාරයක් ලැබුනත්, අද තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් වී තිබීම නිසාත්, මුදල මිනිස් ගති යටපත් කර සියල්ලටම ඉහළින් වැජඹෙන නිසාත් සෙබළා තුල තිබු ආත්ම අභිමානය අද ඔහු ළඟ නැත. (නි)
අනුර-නායලපිටිය Tuesday, 03 December 2013 09:53 AM
කුමාරි කියන කතාව ඇත්ත.(නදී)
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 03 December 2013 05:20 AM
එය එසේ වුවත් කොමාන්ඩෝ බලකාය යනු ජාතිය සතු ජීව නාලියක්ය (නි)
ආරියසේන Tuesday, 03 December 2013 05:44 AM
හොරකම කියන එක ජන්මයෙන් එන පුරුද්දක් කියලයි මම නම් දකින්නේ.රැකියා තිබුනත් හොරකම රැකියා නැතුවත් හොරකම. (නි)
හේරත් Tuesday, 03 December 2013 06:18 AM
අයියෝ! ඉතින් කැප්ටන් කෙනෙක්නේ? (නි)
කුසුම්පල Tuesday, 03 December 2013 11:31 AM
යුද්ධය නිසා හමුදාවල අයව ප්‍රමාණය ඉක්මවල සමාජයේ ඉහලින් තිබ්බා. විවිධ වරප්‍රසාද දුන්නා. යුද්ධය අවසන් උනාට පසුව මේ අයව නිසි ලෙස සිවිල් සමාජයට අනුගත කරගන්න වැඩපිළිවෙලක් අපි හැදුවේ නැහැ. එහි ප්‍රතිපල විවිධ විදිහට හමුදා සාමාජිකයන් දවස ගානේ අපිට පෙන්වනවා. මෙහෙම ගිහින් අපිත් දකුණු අප්‍රිකාව වගේ තත්වයකට පත් වේවි. (ස)