IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු කොටි කතගේ කියුම් කෙරුම් පොතකින්

එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී ජෙයකුමාර් විසින් එම සංවිධානය හා සම්බන්ධ තම ක්‍රියාකාරම්, අත්දැකීම් හා තම ජීවිතයේ මුහුණ දුන් විශේෂිත සිදුවීම් අළලා රචනා කළ කෘතියේ සිංහල පරිවර්තනය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්විණි.

යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා එම පොත ‘තියුණු අසිපතක සෙවණ යට‘ නමින් පරිවර්තනය කර  ඇති අතර ධර්මසිරි බණ්ඩාරනායක මහතා එය ප්‍රකාශනයට පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල යන හිමිවරුන් ද, තමිළිනී මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රතිකාර කළ වෛද්‍යවරු දෙදෙනෙක් ද, තිමිලිණීගේ සැමියා වන ජෙයකුමාර් මහතා ද, ඇමැති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සහ පලාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ගාමිණී වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, සාමිනාදන් විමල් සහ ජෙයකුමාර් මහත්වරු කතා පැවැත්වූහ.

මෙම කෘතිය සිංහලට පරිවර්ථනය කිරීමත් සමග ඇතැමුන් බොරු චෝදනා කරන බව බණ්ඩාරනායක මහතා සිය කතාවේදී කීවේය.

(වැඩසටහනේ සියලු කතා සහිත වීඩියෝව බලාපොරොත්තු වන්න.)

වීඩියෝ - කෞශල්‍ය සමින්ද

IMG_0815 IMG_0819 IMG_0821 IMG_0836 IMG_0848 IMG_0865 IMG_0871 IMG_0879

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

හිටපු කොටි කතගේ කියුම් කෙරුම් පොතකින්

සංකල්ප Saturday, 14 May 2016 09:33 AM

ඉතා වෙහෙස කර යුධ අරගලයකින් පසුව, ඇය ලියු පොතෙන් ඒ ගැන පසු විපරමක් කිරීම ම අගය කල යුතු දෙයක්. යුද්ධයෙන් පසුව හෝ මහ ජාතිය පිලිබඳ තිබු බොහෝ මත, දුර්මත බව ඇය අවබෝධ කර ගෙන ඇත. (ර)

:       0       0

ජෙනී Sunday, 15 May 2016 06:53 AM

දැන් ඕක හොඳ වැඩක් කියලා සහතික දෙන අයට බැරිද පොතේ තියන හොඳ වචන පේළියක් ලියලාහරි අනිත් අයවත් දැනුවත් කරන්න (නි)

:       0       0

සුජීව Friday, 13 May 2016 05:39 PM

මගේ ස්තූතිය දහස් වරක්, ලංකාදීපයට, ඇති තතු නිවැරදිව පළකිරීම ගැන. ධර්මසිරි මහතාණනි, ඔබට ගොඩක් තුති මේ අවස්ථාව ලෝකයට හඳුන්වාදීම ගැන. (නි)

:       0       0

යසපාල Friday, 13 May 2016 07:34 PM

මෙවන් හැකියාවන් අපි අගය කළයුතුය (නි)

:       0       0

රන්ජිත් Friday, 13 May 2016 07:47 PM

ඔය පොත කොටින්ගේ ඇත්ත තත්ත්වය පෙන්වන පොතක්. මේ පොත සිංහලට විතරක් නෙමෙයි, ඉක්මනට ඉංග්‍රීසියට හරවන්නත් ඕනෑ. (නි)

:       0       0

ජගත් Friday, 13 May 2016 09:43 PM

ඒකතමයි ඉසුරු මමත් මේ බැලුවේ? (නි)

:       0       0

කමල් Saturday, 14 May 2016 02:36 AM

හොඳ වැඩක් (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 14 May 2016 03:11 AM

ඉසුරුගේ හඬ කකුලෙන් අදින ජාතියකගේ හඬ පමණි. ලංකාවේ ඉන්නේ එකම වර්ගයකි. වෙනස භාෂාව පමණි (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 14 May 2016 02:10 PM

නැහැ, නැහැ ඉසුරු ජගත් මමත් පැත්තකින් හිටියා ලංකාදීපයට පළමුව මා ස්තුති කරනවා . දෙවනුව නම් ධර්මසිරි ඇතුළු පිරිස කර ඇත්තේ ලෝකයට ඇත්තක් පෙන්වාදීමයි මේවා මහා භයානකයි . මෙවැනි දේවල් කරන්නට ඉදිරිපත් වන අයගේ ජිවිත වලට කව්රු වග කියයිද ? කෙසේ හෝ මේ සැමට සුභ පතනවා (හේ)

:       0       0

ටෙරන්ස් Saturday, 14 May 2016 04:02 AM

මම නම් හිතාගත්තා මොකුත් නොකියා ඉන්න (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 04:27 AM

ජාතිවාදය අවුස්සන දමිළ දේශපාලුවන්ට මෙන්ම සිංහල දේශපාලුවන්ටත් මේකෙන්වත් යමක් වටහාගන්න පුළුවන් වෙයිද කියලයි සැක. (නි)

:       0       0

උදාර Saturday, 14 May 2016 04:38 AM

ඇත්තෙන්ම අගය කරනවා (නි)

:       0       0

සිසිර Saturday, 14 May 2016 08:13 PM

මේ සැමට සුභ පතනවා. හොඳ වැඩක් (නි)

:       0       0

අසංග Saturday, 14 May 2016 05:30 AM

පොත කියවන්නේත් නැතුව කොහොමද අදහස් දාන්නේ. අනේ මේ වගේ මෝඩ මිනිස්සුත් අපි අතර ඉන්නවනේ? (නි)

:       0       0

තිස්ස Saturday, 14 May 2016 05:33 AM

මිනිස්සු මේවා කියවා දැනුවත් වියයුතුයි (නි)

:       0       0

පෝරගේ Friday, 13 May 2016 01:53 PM

ඒ චෝදනා බොරු නොවෙයි. සිංහල පරිවර්තනය අවසානයේ තියෙද්දී බණ්ඩාරනායක ලකුණු දාගන්න එ්ක මංකොල්ල කෑවා. සත්‍ය දන්නෝ දනිති! (බ)

:       0       0

රූෆස් Sunday, 15 May 2016 02:15 AM

ඉංග්‍රීසි පරිවර්තනයක් ඉතා අවශ්‍යයි. අගය කළයුතු ග්‍රන්ථයක් (නි)

:       0       0

ඉසුරු Friday, 13 May 2016 02:00 PM

වෙනදට පැල් බැඳගෙන කමෙන්ට් ගහන අය්යල අක්කල කෝ ? මේවට නැද්ද කමෙන්ට්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site