IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු ඇමති හරීන් ප්‍රනාන්දුගෙන් පොලිසිය පැය 3 ක් ප්‍රශ්න කරයි

ඉන්දිකා රාමනායක

ගම්පහ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන්  අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය  පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.

කොළඹ අපරාධ කොට්ඨාසය පෙනී සිටින ලෙසට  කර තිබු දැනුම් දීමට අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පෙරවරු 10.00 ට පමණ එහි පැමිණ සිටි අතර ප‍්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 1.00 ට පමණ පිටව ගියේය.



අදහස් (5)

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දුගෙන් පොලිසිය පැය 3 ක් ප්‍රශ්න කරයි

Raveendra Thursday, 28 May 2020 08:48 AM

ගිය වසරේ පාස්කු ඉරිදා සියලුම ශරීරකෘත්‍ය කටයුතු ඇඳ යටදීම කරමින් ගැහි ගැහී හිටියේ ඇයි කියලා විස්තර අහන්න වෙන්න ඇති. නැතුව ඉතින් වෙන මොනවා අහන්නද? මොකද හරිම වැදගත් සත්ගුණවත් අයෙක්නේ...

:       3       143

lanka Thursday, 28 May 2020 11:31 AM

සජිත් ඉහලින්ම දිනාවි මේ වගේ වැදගත් මහත්මයෙක්ගේ කර පිටින් චන්ද දිනන්න ගියාම. රටට කල සේවයන් අතරින් කැපී පෙනෙන දේ හැටියට මැතිවරණ වේදිකාවේ කියන්න වෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන දන්නා තොරතුරු හංගාගෙන ඉඳීමේ මෝඩකම සහ තමන්ගේම පක්ෂයේ එකෙක්ට අපහාස වන පරිදි විපක්ෂයේ ඉන්න (යටින් තමන්ගේ පක්ෂයේ) අයට වීඩියෝ පාස් කිරීම. ඔය වගේ වීඩියෝ පාස් කරගන්නේ මුන්ගේ වෙන මොනවා හරි සම්බන්ධකමුත් තියනවාද දන්නේ නැහැ, නැත්නම් හැදිච්ච කමක් තියෙන අය ඕවා ඔහොම කරාවිද? නිකම් නෙවෙයි මේ අය මැතිවරණ කල්දාන්න කියන්නේ.

:       0       0

don Friday, 29 May 2020 03:53 AM

වැරැදි කෙනාටයි වෙඩි තියලා තියෙන්නේ...

:       1       1

විජේ Friday, 29 May 2020 06:46 AM

ව්‍යාජ, කපටි හිනාවකින් මිනිස්සු අන්දලා, දිය රෙද්දෙන් බෙල්ල කපනවා වගේනේ හරීන් කියන්නේ. සැලකියයුතු ප්‍රමාණයකට මෙයා ගැන අහලා තියනවා...

:       0       0

විජේ Friday, 29 May 2020 07:30 AM

දේශපාලකයින් කියන, කරන ඕනෙම කුප්ප වැඩක්, මිනිස්සු ඇන්දීම් බොහොම උජාරුවට දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site