IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්

(රංජිත් රාජපක්ෂ  )                    

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණි.

උදැසන පාසල් ළමුන් ප්‍රවාහනය කිරිමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසිය ඉදිරිපිටට රැගෙන විත් එම වාහන වල තිබෙන සියළුම අඩුපාඩුකම් රියදුරන් වෙත පෙන්වා දි එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදිමට පියවර ගැණින.

එම කාලය අතුරතුර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරා නොගන්නා බස් රථ සහ වෑන් රථ නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කර එම වාහන ධාවනයෙන් ඉවත් කිරිමට හෝ එම වාහන වල හිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේය.

හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ උපදෙස් මත හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ අධික්ෂණය යටතේ මෙම වාහන පරික්ෂා කිරිම සිදු කෙරිණ.

 



අදහස් (1)

හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්

රම්බොඩ Monday, 30 September 2024 01:56 PM

රටපුරාම ක්‍රියාත්මක විය යුතු දෙයක්. දරුපැටවුන්ට කිසිම පහසුකමක් නැතිව, අනතුරුදායක විදිහට, සල්ලි හම්බකරන පරමාර්ථයෙන් විතරක් දුවන කසිකබල් වාහන එමටයි...!

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site