IMG-LOGO

හෙටත් ගෑස් දෙන්නේ නෑ

(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (25) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (24) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය.

ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය අද දිනයේ ද දැකගත හැකිවිය.

ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතිය දක්වා ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් තව දුරටත් ගෑස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ද ඇති බවත්ය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ පෝලිම්වල රැදී සිටීමෙන් සහ වැඩි මිලට ගෑස් මිලදීගැනීමෙන් අපහසුතාවට පත්නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

 



අදහස් (5)

හෙටත් ගෑස් දෙන්නේ නෑ

කිරි පුතා Tuesday, 24 May 2022 07:43 PM

රටේ පාලනයක් නැද්ද? සමාගමට අවශ්‍ය විදිහට නිවේදන දිදී ඉන්නේ... ජනතාව ඉතා අපහසුතාවයකට පත්වෙනවා නේද? හැම එකකටම සද්ද නැතිව ඉන්න ආණ්ඩුවත් තමයි දැන් තියෙන්නේ..

:       0       0

Menura Tuesday, 24 May 2022 09:29 PM

උදේ හිතවත් ලිට්‍රෝ නියෝජිතයෙක් කිව්වේ, අද දවසේ මිනිස්සුන්ට එන්න එපා කියලා, ගෑස් බෙදීම නැවත්තුවේ මිල වැඩි කරලා ඒ වැඩි මිලට, දැනට ගෙනා තොගයේ ඉතිරිය විකුණන්න කියලා. ගෙනා තොගය දින 6 කට ඇතියි කිව්වා, නමුත් බෙදුවේ දින 3 යි. මිනිස්සුන්ට උයන්න ගෑස් නැතිව පෝලිං වල දුක් විඳින කොට මොන අසික්කිතයෙකුටද පුළුවන් තියන තොගයත් නොවිකුණා ඉන්න? මොන නිවට රජයක්ද මේක...?

:       0       0

de silva Tuesday, 24 May 2022 10:20 PM

මිනිස්සුන්ට කාලගුණය හොඳ නැහැ. ලොරිවලින් අද බානවා.. හෙට බානවා කියමින් රවට්ටන්නේ මොකද? 

:       0       0

රට වැසිය Wednesday, 25 May 2022 07:31 AM

විජිත් හේරත්ගේ බොරු බයිලා. එක නැවක් අරගෙන නැව් 10ක් ගත්ත වගේ පෙන්නලා ඒක බෙදලා ඉන්නවා. ඊළඟ නැවට ගෙවන්න ඩොලර් ටික හම්බ වෙනකම්...!

:       0       0

wicky Wednesday, 25 May 2022 08:43 AM

මේවගේ ආයතන මොනවා කරන්නද? මිලක් හරියට නියම කරන්න බැහැ. ඒ කළත්, මනුස්සයෙක්ට ගෑස් එකක් ගන්න බැහැ. හැබැයි වැඩි ගාණට විකුණන තැන්වලට ලොරියෙන්ම බෙදනවා. ඒකත් ශෙඩ් එකෙන් ටෝකන් එකක් 1000/-ක් දීලා ගත්තාම ලොරියෙන්ම දෙනවා. 1000/= කාටද යන්නේ...? මොකක්ද මෙ අවලම් වැඩේ. එකක් ගන්න බැහැ මනුස්සයෙකුට, හැබැයි එතන කලුකඩ විදිහට බෙදන්න ගෑස් තියෙනවා. හැමතැනම පොඩි මනුස්සයාව හූරන් කනඑක තමයි කරන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 484 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 646 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site