(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් මහතා ක්‍රියාකර ඇත.
ඊට අමතරව හක්මන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට එරෙහිවද විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට උපදෙස් ලබා දී තිබේ. අදාළ සිදුවීම ඇති වීමට පෙර හා පසු පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණ වී ඇත.
යම් හෙයකින් එහිදී තවත් පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට කරුණු අනාවරණය වුවහොත් ඔවුන්ට විරුද්ධව ද විනයානුකුලව පියවර ගන්නා ලෙස ප්‍රනාන්දු මහතා වැඩිදුරටත්උපදෙස් ලබා දී තිබේ.
මේ අතර ඉකුත් සිකුරාදා (27) රාත්‍රියේ හක්මන කිරින්ද නගරයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුල මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය කියයි. පොලීසියට අමතරව යුද හමුදාව හා පොලිස්විශේෂ කාර්ය බලකාය ද ඒ සඳහා කැඳවා තිබුණහ. එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
මේ අතර කිරින්දේ සිද්ධිය පිටුපස තමන් සිටින බවට අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන ලද පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඊයේ(28) මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
හක්මන කිරින්දේ ආරවුල සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනෙකු අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හක්මන පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම්
Amila Sunday, 29 September 2019 09:13 AM
රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලටත් අන්තවාදය ඇවිත් තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්න අනවශ්‍ය විදියට දුරදිග යන්නේ...
janahitha Sunday, 29 September 2019 09:32 AM
ආන්න හරි.. ඕන්න ඕකයි තත්වේ