IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


සුරා බදු ආදායම බිලියන දහයකින් වැඩිවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල්  බිලියන 242 න් මේ වන විට බිලියන 98ක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පාර්ලිමේන්තු  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන  බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන් වලින් ද රුපියල් බිලියන 2ක් බීඩි වලින් ද ලබා ගැනීම‍ට අපේක්ෂා කරන බව  ඔවුහු වැඩිදුරටත් පැවසූහ. 

පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. 

නව රජය බලයට පත්වීමත් සමග නීති විරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීහු සඳහන් කළහ.  

මුදල් සහ ක්‍රම සම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.



අදහස් (1)

සුරා බදු ආදායම බිලියන දහයකින් වැඩිවෙයි

සෙනෙවිරත්න Monday, 09 June 2025 05:12 PM

අනේ අපි හිතාගෙන හිටියේ ජුනි වෙනකොට ඩොලරය හාරසිය වෙලා, පඩි ගෙවා ගන්න බැරිව ජනතාව පාරට එයි කියලා, අනේ ඒකත් එහෙමයි. එහෙනම්...!

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 732 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site