IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


සිංහල සිනමාවේ නිළි රැජින දිවිසැරිය නිමවයි

සිංහල  සිනමාවේ  රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි ගමන නිමා කළාය. මිය යනවිට ඇය 78 වැනි වියෙහි පසුවූවාය. 

කලක් තිස්සේ දැඩි  රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා  මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අදඅලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු සනාථ කළහ.

කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් මස 30 වැනි දා  උපත ලැබූවාය.

වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට  1968 වසරේදී පිවියාය.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේදී මහින්ද රාජපක්ෂ රජයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට ද පිවිසි ඇය 2015 වසර වන තෙක්  පාර්ලිමේන්තුව නියෝජනය කළාය.

 



අදහස් (4)

සිංහල සිනමාවේ නිළි රැජින දිවිසැරිය නිමවයි

ගුණරත්න Saturday, 24 May 2025 07:31 AM

නිවන්සුව අත්වේවා!!!

:       0       0

Jagath Leanage Saturday, 24 May 2025 08:26 AM

ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතම සහ හොඳම නිළියයි. අප ඇයට නිවන් සුව පතමු.

:       0       1

fairoosmr Saturday, 24 May 2025 12:28 PM

සමාදානයේ සැතපේවා...!

:       0       1

Ruwan Saturday, 24 May 2025 01:23 PM

නිවන් සුව ලැබේවා...! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 64 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 478 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site