IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


සාක්කිකරුවෝ සංජීව ඝාතකයා හඳුනා නොගනිති

(රෝෂන් තුෂාර)

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී  වෙඩි තබා ඝාතනය  ඝාතනය කළේ යැයි කියන සැකකාර වෙඩික්කරු  පෙරට්ටුවේදී  හඳුනා ගැනීමට සාක්ෂිකරුවන්ට නොහැකි වී ඇත. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේදී අද (04) පස්වරුවේදී සිදු කරනු අවස්ථාවේදී මෙසේ හඳුනාගෙන නොමැති බව පැවසේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය පසුගිය (21) දින කළ නියෝගයක් පරිදි මෙම පෙරට්ටුව අද පස්වරුවේ සිදු කෙරුනු අතර සැකකාර වෙඩික්කරු වන සමිදු දිල්ෂාන් බන්ධනාගාර හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් දැඩි රැකවල් මැද්දේ ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව සැකකරු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු එදින ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර ඇත.

අපරාධය සිදුකළ දින අංක පහ අධිකරණ ශාලාවේ රඳවා සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් විසින් සැකකරුව හඳුනා නොගත් බව සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් පෙනී සිටිි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක්  පෙනී සිටියහ. 



අදහස් (6)

සාක්කිකරුවෝ සංජීව ඝාතකයා හඳුනා නොගනිති

idr tharanga Wednesday, 04 June 2025 04:07 PM

ඒකව අඳුරගෙන ඔවුන්ටත් වෙඩි කන්න වෙන්නේ...

:       3       63

යෝගා Wednesday, 04 June 2025 04:43 PM

ඊළඟට ඇප ලැබෙනවා. ඊට පස්සේ අතුරුදන් වෙනවා. ඊටත් පස්සේ සෙව්වන්දි එක්ක වෙනත් රටක සතුටින් වාසය කරනවා. මාර නාට්‍ය මේවා...!

:       3       66

ගුණරත්න Wednesday, 04 June 2025 05:29 PM

දැන් බලාගෙන යනකොට නීතිය නොවේ... පොලිස්සියේ උන් තමයි අන්ධ... පොලිසි ඇමැතියා ගැන නම් කියලා වැඩක් නැහැ.

:       11       56

fairoosmr Wednesday, 04 June 2025 06:10 PM

ලංකාවේ පොලිසිය නම් කියලා වැඩක් නෑ.

:       0       50

de silva Thursday, 05 June 2025 12:41 AM

ඝාතකයා කියලා අල්ලා ගත්තේ වෙන පුද්ගලයෙක්..., ඇල්ලුව අවස්ථාවේ හොඳට හිනා වේවි වෑන් එකේ හිටියේ...!

:       0       0

Wimal Thursday, 05 June 2025 06:41 AM

එදා කොන්ඩ රැවුල කපලා ටයි, කෝට් දාලා හිටපු කෙනා අද සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන කාලෙකට පස්සේ පෙන්වන්නේ අඳුනගන්න එපා කියලා නේද? මේ මොන විකාරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 292 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site