(අජන්ත කුමාර අගලකඩ)
රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්පුට්නික් පහ එන්නද විදුලිබල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන ලෙසට විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතාවිසින් කරන ලද ඉල්ලී මක් සැලකිල්ලට ගනිමිනි .
විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බව සඳහන් කර ඇති ඇමතිවරයා එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දී ඇත .
එබැවින් එන්නත් ලබාදීමේදී විදුලි බල සේවකයන්ට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත .
ඊට පිළිතුරු දී ඇති ජනාධිපති රාජපක්ෂ මහතා විදුලි බලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වල සේවකයන්ට ප්‍රමුඛ තාව මත එන්නත් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත .
COMMENTS
ඉන්දියාවෙන් මාත්‍රා ලක්ෂ පහක් එවද්දි රුසියාවෙන් 15000 ක් එවන්නේ මොකද? හරිම සුන්දර ව්‍යාපාරයක් වගේ.උදයංග එහෙමත් දැන් එලිපහලියේ ඉන්නවා නේ
ඔය එන්නත් 15000 මොන බම්බුවක් කරන්නද? ඒකටත් කැබිනට් රැස්වීම්... රටට මිලියන ගාණක් එන්නත් ඔනෑ... ඒවා ගැන කිසි කතාවක් නෑ..
කරුණාකරලා ලෝක සෞක්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් පමණක් මේ දුපතේ වැසියන්ට විදින්න. මේ ස්පුටිනික් එන්නත අනුමත කරලා නැහැ. ජනතාව ගොන්නුන්ට අන්දවන්න එපා.