IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සිංහ රාජයෙන් කෘමීන්-සමනලුන් රැගෙන ගිය ස්ලෝවැකියානුවන්5 දෙනා රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදයසහ අප්සරා යෝෂිත් විජේසුරිය)


සිංහරාජ වනාන්තරයේ වෙසෙන කෘමි සහ සමනල වර්ග ඇතුලූ ශාක මෙන්ම බීජවර්ග රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත්  ස්ලෝවැකියානුවන් පස් දෙනා මේ මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  රත්නපුර වැඩබලන  මහේස්ත‍්‍රාත් ප‍්‍රියංකා ගුනවර්ණසූරිය මහත්මිය නියෝග කළාය.

එදිනට සැකකරුවන්  කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය. 

ඊට අමතරව සැකකරුවන් නැවතී සිටි ලැගුම්හල් සෝදිසිකර සැකකරුවන් සන්තකයේ තිබූ සත්ත්ව හා ශාක කොටස් හෝ මෙම අපරාධය සම්බන්‍ධයෙන් වෙනත්දෑ තිබේ නම් සොයා බලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝදිසි වරෙන්තුවක් ද නිකුත් කළාය. 

සැකකරුවන් සන්තකයේ සිටි පණ ඇති ජිවීන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් යළි සිංහරාජ වනාන්තරයට මුදාහරින ලෙස ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

සැකකරුවන් වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ කලවාන අඩවිවන නිලධාරී ලක්‍ෂමන් රත්නවීර මහතා පැවසුවේ මෙම සැකකරුවන් සන්තකයේ තිබූ සත්ත්ව කොටස් අතර මෙතෙක් හඳුනානොගත් සතෙකුගේ කොටසකුත් තිබූ බවයි. 

එසේ හඳුනානොගත් ජීවීන්ගේ කොටස් දෙහිවල සත්ව  උද්නයේ සත්ත්ව දෙපාර්තමේන්තුවට යවා වාර්තාවක් කැඳවන ලෙසද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියම කළා ය. එසේම ප‍්‍රාණ නිරුද්ධ සත්ත්ව කොටස් සහ ශාක කොටස් නඩුභාණ්ඩ ලෙස ආරක්‍ෂා සහිතව තැබීමට පියවර ගන්නා ලෙසද නියම කළාය.

සැකකරුවන්ගෙන් මේවා එකතු කළේ ඇයිදැයි වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය විමසූ විට එක් සැකකරුවෙක් පැවසුවේ තමන් ලංකාවට පැමිණියේ මෙම සතුන් සහ ශාක එකතු කිරිමේ අරමුණු ඇතිව බවයි. සැකකරුවන්ගේ ගුවන් ගමන් බලපත‍්‍ර අධිකරණයේ භාරයට ගැණුනි.

මෙසේ රිමාන්ඩ්භාරයට පත් කෙරුනේ,ස්ලෝවැකියානු ජාතිකයන් වූ මිචාල් නචාර් (66) , එඞ්වර්ඞ් සෙකානස්කි (58) , මිචාල් රෙච්ටර් (39), ඉවාන් රෙච්ටර්, (54) ඩොස්ලාව් කොපෙකි (44) යන පස් දෙනායි. 



අදහස් (6)

සිංහ රාජයෙන් කෘමීන්-සමනලුන් රැගෙන ගිය ස්ලෝවැකියානුවන්5 දෙනා රිමාන්ඩ්

sirimal Sunday, 03 February 2019 09:21 AM

අපේ රටේ රක්ෂිත බන්ධනාගාරයක රැයක් පහන් කරනවා කියන්නේ සංසාරේ එපාවෙන වැඩක්. කරපු අසික්කිත වැඩේට මේ මිනිස්සුන්ට ඒ දඬුවමම ඇති.

:       0       44

පිටිගල මිලානෝ Sunday, 03 February 2019 10:17 AM

මෙම සත්ත්ව සහ ශාක කොටස් සොරකම කලක සිටම සිදුවනවා. ජාන තාක්ෂණය මගින් වැඩි දියුණු කර ඖෂධ වශයෙන් වෙළඳ කටයුතු පේටන්ට් ඔවුන් ලබා ගන්නවා. මෙයටද රේගුව සහ වනජීවී කාරයින් වගකිව යුතුයි. රේගුව වාසිගන්න වැඩිපුරම බලන්නේ රටට ඇතුළුවන අයගේ බඩු මලු. විස්කි පෙන්නන්න බැහැ. එකක් හෝ ගන්නයි බලන්නේ.

:       0       94

Laksitha paris Sunday, 03 February 2019 11:00 AM

පිටිගලය හරි.. මටත් ඒ දේ වෙලා තියෙනවා.

:       0       0

Rasika Sunday, 03 February 2019 03:57 PM

උදව් කරපු මේ රටේ මිනිස්සු ගැනත් හොයන්න...

:       0       8

Samathasena A . Aluthgamage.Monday, 04 February 2019 03:28 AM

ඔබතුමාගේ අදහස හරි... අපේ රටේ සමහර අයට තියෙන මුදල් කෑදරකමට තමයි ඕනෑම දේකට උදව් දෙන්නේ... මෙම සතුන් ගෙනියන්න ඇත්තේ ජාන තාක්ෂණයෙන් මොනවා හරි ලොකු දෙයක් කරන්න වෙන්න ඇති.. අපේ රටේ සමහර මෝඩ කපටි දේශපාලකයන් මොනවා හෝ කොට බලය ලබාගන්න වෙර දරනවා. අපේ පරිසරය, ගහකොළ හා රට පිටරැටියන්ට මොන තරම් වටිනවාද කියා ඔවුන් දන්නේ නැහැ. කරුණාකර උගතුන්ට, විද්වතුන්ට පර්යේෂණ කොට කුසලතා දැක්වීමට හැකි පරිසරයක් ගොඩ නගන්න. අපගේ උගතුන් පාරේ පෙළපාලිවලින් මදක් ඔබ්බට ගොස් අපේ දේශීය සම්පත්වලින් රට පෝෂණය කරන්න. ඒ සඳහාත් අරගල කරන්න. ඒ තුළින් ලොව හා ජීවිතය දිනන්න....

:       0       33

dhamneth Monday, 04 February 2019 05:25 AM

අපේ රටින් වඳ වී යන ශාක හා සත්ව වර්ග වෙන රටකට හෝ ගෙන ගොස් වැඩි දියුණු කර රැකබලාගන්නවනම් නරකද එතකොට සඳහන්වෙයිනේ මෙහි ආරම්භක රට ලංකාව කියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දුම්රිය දුර්වලයි: කෝපාවෙන් දොස්
2025 මැයි මස 12 48 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ


බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි
2025 මැයි මස 12 107 0

ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි


විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි
2025 මැයි මස 12 240 0

විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්


ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි
2025 මැයි මස 12 373 0

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.


බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි
2025 මැයි මස 12 151 0

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 743 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1142 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1468 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site