IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි

(ඩයනා උදයංගනී)

කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රට තුළ කෘතිම ආහාර හිඟයක් ඇති නොවන පරිදි හා මිල වැඩිවීමක් නොවන පරිදි පාරිභෝගිකයින් වෙත සහල් ලබාදීමට හැකිවන පරිදි රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීම මෙහි අරමුණ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වී තොග රැස්කරගෙන සිටින සහල් මෝල් හිමියන් එම සහල් තොග වෙළඳපලට නිකුත් කරන්නේ නම් සහල් පිටරටින් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා කීවේය.

නමුත් කෘතිම හිඟයක් මවා පා පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කී ඇමතිවරයා සහල් හිඟයක් මවා පාමින් සහල් මිල වැඩිකිරීමට කිසිවකුට ඉඩ දෙන්නේ නැතැයි ද කියා සිටියෙය්.

ඇමතිවරයා මේ බව පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 



අදහස් (24)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි

asanka Friday, 18 September 2020 03:43 PM

ලංකාවේ සැමවිටම සාමාන්‍ය මිනිසුන් සූරා කෑවේ අතරමැදි වෙළෙන්දායි. මෙවර වී මෝල්කාරයින්, ගොවීන්ගෙන් වැඩිමිලට වී මිලදී ගත්තේ රටේ මිනිසුන් බිල්ලට තියා ඉදිරියේදී හාල් වැඩිමිලට විකිණීමටයි. මෙවැනි කළුකඩ කාරයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුයි. මේ අමාත්‍යවරයාට එවැනි දෙයකට ශක්තිය තිබේ යැයි සිතමි.

:       321       786

lankaFriday, 18 September 2020 06:16 PM

මේ අදහසට අන්ලයික් කරන්නේ හාල් මෝල් කරුවන්.

:       101       250

ranaSaturday, 19 September 2020 04:48 AM

මහත්තයෝ, මහා පරිමාණයේ වී මොල් දමා කුඩා සහ මැද මෝල් හිමියන් විනශ කලේ මොකද? එදා හුරේ කී අය මොකද අද නුහුරට? පෙරදා කිව්වේ මරක්කලයා තොප්පිය හැරෙන පැත්තට කියලා.. අද සිංහලයා එ් තැනට වැටිලාද?

:       62       234

Dasa P Friday, 18 September 2020 04:58 PM

ගම්මිරිසුත් ගේමුද?

:       57       140

BamunuarachchiSaturday, 19 September 2020 01:36 AM

පොහොර සහනාධාරය දෙන්නේ රජයෙන්... ලබන්නේ ගොවියා. ගොවියාගේ සහතික මිලට ගන්නේ. මෝල් කාරයා අරගෙන වැඩි මිලට විකුණනවිට සහල් මිල නැගලා කියලා පාරිභෝගිකයා කෑ ගහනවා. සහල් පිටරටින් ගෙන්නුවට ගොවියාට පාඩුවක් නැහැ. මොකද නියම මිලට රජය වී මිලට ගන්න නිසා... මෝල්හිමියන්ට පාඩමක් උගන්වන්න පුළුවන් නම් පිටරටින් හාල් ගෙන්වන්න.

:       403       171

Thilina Friday, 18 September 2020 05:19 PM

ඉතාම හොඳ තීරණයක්.. මේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිපදෙනකුගේ ඒකාධිකාරය ඉක්මනින් අවසන් කළ යුතුයි. කෙනෙකුට අහන්න පුළුවන් මෝල් හිමියන්ට රජය යට වුණාද කියලා. ඒත් චණ්ඩිකමින් බල කිරීමෙන් කරනවාට මේ වගේ උපායශීලී විදිහට කිරීමෙන් පාරිභෝගිකයා සුරකින ගමන් මෝල් හිමියන්ටත් පාඩමක් උගන්නන්න පුළුවන්...

:       96       237

Prabha Friday, 18 September 2020 05:37 PM

ඔය එක්කම කහ පොඩ්ඩකුත් ගෙන්නන්න. මොකද අපි කන්නේ කහබත්..

:       4       377

sugathFriday, 18 September 2020 06:14 PM

තව මාස දෙකකින් ලංකාවේ කහ අස්වැන්න වෙළෙඳපොලේ තියෙයි. එතකන් ඉවසන්න. කහ නොකෑවා කියා මිනිසුන් මැරෙන්නේ නැහැ. රජය මෙවැනි දේ ආනයනය කිරීම නැවැත්වීම නිවැරදියි.

:       332       252

GalaparaSaturday, 19 September 2020 04:06 AM

නැහැ ප්‍රභා.. දැන් රටේ මිනිස්සු කහ වෙනුවට කන්නේ, පාන්පිටිවලට කහපාට ඩයි දාපු ජරාව... මේකෙන් රටේ මිනිස්සුන්ට වෙනම ලෙඩක් හැදෙනවා. කහ රටේ වවලා අස්වැන්න එනකොටනේ... කහ ආනයනය ක්‍රමයෙන් අඩු කරන්න ඕනේ.. මේ රටේ පාලකයෝ කියන්නේ අමු හරක්..

:       15       657

Gihan Friday, 18 September 2020 06:41 PM

බුදු අම්මෝ සර්.. ඒකට නම් රැස්පෙක්ට්. දැන් හාල් මාෆියා කාරයින් දෙකට නැවිල එයි. මේවා මොළ නෙමෙයි මොළ ගෙනියන නැව්... වහල්ලු නම් මේ විදියට තප්පුලයි.

:       111       425

BamunuarachchiSaturday, 19 September 2020 10:46 AM

ඔව්, ගොවියන්ගේ වී ටික සහතික මිලට රජය ගන්නවා නම් වී වුකුණා ගැනීමේ ප්‍රශ්නයක් ගොවියාට නැහැ. නමුත් සහල් පිටරටින් ගෙනැල්ලා පාලන මිලට විකුණනවානම් පාරිභෝගිකයාට කාගේ සහල්ද කියා ප්‍රශ්නයක් නැත. සහල් විකුණාගන්න බැරි වෙන්නේ මෝල් හිමියාට. මෝල් හිමියාගේ අඬු කඩලා දාන්න... ජනාධිපතිතුමනි..

:       420       183

kamalSunday, 20 September 2020 02:34 AM

අද අපේ වහල්කමේ හැටි.. ඉස්සර නම් කඩේ හාල් දුන්නේ වැඩකාරයින්ට බත් උයන්නයි. දැන්නම් මොන හාල හරි කාලා බඩගෙඩිය පුරවාගත්තාම ඇති.

:       0       0

රොමේෂ් Saturday, 19 September 2020 01:03 AM

ඉස්සර පෙරදිග ධාන්‍යාගාරය, අද?

:       61       24

kamal Saturday, 19 September 2020 02:05 AM

මෙන්න සත්ව ආහාරවලට දෙන්න වෙන තවත් සහල් තොගයක්. මේ සහල් තොගේ ගෙන්නන්න දෙන්නේ යාලුවෙකුට නේද? 

:       104       357

Akila Saturday, 19 September 2020 05:14 AM

සහල් මිල කෙසේ වෙතත්, කොහොම හරි එතුමාගේ කොමිෂන් එක නං දැන් හරි..

:       202       507

Asanga Saturday, 19 September 2020 06:02 AM

එතකොට මේ පාර අස්වැන්නට මොකද කළේ? රටින් ගෙන්වන එක නැවැත්වීම නේද රජයේ අරමුණ? හැමදාම කළේ අණ්ඩ දැමීම නේද?

:       139       414

RD Saturday, 19 September 2020 08:23 AM

කැලේ කැපුවම වැස්ස නැහැ. ඉතා හොඳ තීරණයක් අනාගතය ගැන හිතුවාම..

:       1       333

WasudewaSunday, 20 September 2020 04:19 AM

ඇත්තමයි... මේ ආණ්ඩුවට පරිසරය, ගහකොළ පෙන්නන්න බැහැ. දැන් බලන්න රටේ හැමතැනම බලෙන් රජයේ ඉඩම් අල්ලගෙන අවුරුදු සියගණන් පැරැණි ගස් කැපීම, වනාන්තර විනාශය, වැලි, පස් හොරෙන් ගොඩදැමීම, මේ තරම් පරිසර විනාශයක් අපි ජීවිත කාලෙටම දැකලා නැහැ.

:       0       0

de silva Saturday, 19 September 2020 08:57 AM

හරිනම් කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්න ඕනේ.. මේවා මිනිස්සු රවට්ටන්න කියන බොරු කතා. ආණ්ඩුව හැමදාම ඉන්නේ ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත්, වැනි විශාල හාල් මෝල් හිමියන්ගේ පැත්තේ. දැන් හාල් මිල 100ත් පැනලා.

:       116       231

mohomed Saturday, 19 September 2020 10:00 AM

කයිය විතරයි, ආණ්ඩුවට වැඩ බැහැ.

:       406       583

BamunuarachchiSaturday, 19 September 2020 10:47 AM

අටලුගමට සලකපු විදිහෙන් ආණ්ඩුවට වැඩ බැහැ තමයි.

:       310       386

bittaraya Saturday, 19 September 2020 11:44 AM

බිත්තරත් ගේනෝ....

:       0       192

BamunuarachchiSunday, 20 September 2020 02:09 AM

අදද දන්නේ බිත්තර රටින් ගෙන්වනවා කියලා. 1950 ගණන්වලත් බිත්තර ඉන්දියාවෙන් ගෙනාවා. බිත්තරවල ගහලා තියෙනවා ඉන්දියා කියලා...

:       0       0

Demuni Uduwara Saturday, 19 September 2020 06:07 PM

අපි සහල් ආනයනය කරන්නේ නොමිලේද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site